free
යාපනය විශ්ව විදවිද්‍යාල පරිශ්‍රය තුළ මෙලෙසින්  නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් අද දිනයේ (04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබුණා.
යාපනය විශ්ව විද්‍යාලය සිසුන් පැවසුවේ උතුරු නැගෙනහිර  ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ‍ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ වන බවයි.
උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද(04) වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන්ද පැවැත්වූ අතර උතුරු  නැගෙනහිර ජනතාවට සාධාරණ ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් තමන් මෙලෙසින් කළු කොඩි ඔසවා විරෝධතාව පළ කළ බව විශ්වවිද්‍යාල සිසුන් පැවසුවා.