weeee

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ මහතා  විසින් ප‍්‍රකාශයට පත්කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ නඩුවෙහි තීන්දුව ජනවාරි 11දින කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව විමල් විරවංශ මහතා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම හේතුවෙන් පැමිණිලිකරුට ඉල්ලා සිටි සියලු සහන ලබා දීමට අධිකරණය තීන්දු කරන ලදී. එහිදී රුපියල් මිලියනයක වන්දියක් පැමිණිලිකාර ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට අධිකරණය විත්තිකරුට නියම කරන ලදී. එමෙන්ම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයන ලද සම්පුර්න මුදල ගණනය කර ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්නැවත මුද්‍රණය කිරීම තහනම් කර දැනට මුද්‍රණය කර ඇති සියලු ම කෘතින්  විනාශ කරන ලෙසත්නඩු ගාස්තු ගෙවන ලෙසත් විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කරන ලදී.

දේශපාලන සුජාතභාවය වෙනුවෙන් නිරන්තරයෙන් වේදිකා දෙවනත් කරන විමල් විරවංශ නීතිය නොදැන සිටියා යැයි සිතිය නොහැකිය. නීතිය කුමක් දැයි දැන දැනම වැරදි කිරීම වඩාත් අයහපත්ය. විමල් විරවංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සිටියදී සකච්ඡාවට ලක් කරන ලද විවිධ ලියකියවිලි මෙම කෘතියට අඩංගු කර ඇති අතර එහි ඇතැම් ලියකියවිලි අනවසරෙන් උපුටා පළ කරමින් සිය කෘතිය නිර්මාණය කර ඇත. යුක්තිය පසිදලීම ප්‍රමාදය. නීති පද්ධතිය තුළ අඩුලුහුඩුකම් එමටය. නීති රාමුවේ නම්‍ය භාවය හේතුවෙන් ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් නිර්මාණයන්ට හිමිවිය යුතු වටිනාකම ඇති ඉඩ ප්‍රස්ථාව ද මැකී යා හැකිය. 2008 වසරේ ගොනු කළ නඩුවේ තීන්දුව ලැබුවේ 2019 වසරේය. බලය උරුම කර ගැනීමේ අරමුණෙන් දේශපාලන වේදිකාවල මඩ ගසා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර දේශපාලන වේදිකාවන්හිදී ප්‍රතිවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන අයුරින්ම එයට අනුරූපව සිය ප්‍රතිරුපයද  ගොඩ නගා ගැනීමට දේශපාලඥයින් සමත් විය යුතුය.