colombo-sri-lanka

සංචාරකයන් ඡායාරූප ගැනීමට වැඩියෙන්ම කැමති නගරය කොළඹ බවට ලොව ප්‍රකට හුවාවි ජංගම දුරකතන සමාගමෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ වන විට තහවුරු වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවූ ඡායාරූප හා සටහන් ලක්‍ෂ 13 ක් සලකා බලමිනුයි හුවාවි සමාගම මෙම අධ්‍යයනය  සිදුකර ඇත්තේ .

මේ අනුව කොළඹ නගරය 2019 වසරේදී ඡායාරූපයක් ගැනීමට ඉතාම සුදුසු සංචාරක ස්ථාන අතුරින් ප්‍රථම  ස්ථානයට පත්වී තිබෙනවා.

එහි දෙවැනි තැන ජපානයේ යොකෝහමා නගරයටත් තෙවැනි තැන උගන්ඩාවේ මිගහින් ගෝරිල්ලා ජාතික වනෝද්‍යානයටත් හිමි වී ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

ලෝකයේ සෙසු නගර අභිබවා ඉදිරියට පැමිණි සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තවත් පරම්පරා රැසකට උරුම කරදෙන්නනට නම් එහි සුන්දරත්වයට හානි නොවන සේ එහි රසය විඳගන්නට කටයුතු කරන ලෙස බොස්ටන් ලංකා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා

45507504_311114276169908_4554528172649102290_nColombo Colombo-8 colombo-sri-lankafrom-colombo-cityimage_1495638794-0039c7afafNelum_Pokuna_(Lotus_Pond)_Mahinda_Rajapaksa_Theatre