suraksha

2019 වර්ෂය සදහා සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ පාසැල් දරුවනට ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර ඇත. එතුමාගේ මග පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය එයට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති අතර පෙර වර්ෂයන් හි මෙම රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සියල්ල සැලකිල්ලට ගනිමින් රජය විසින් අවම වියදමක් යොදවා පාසැල් දරුවන් වෙත වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි නව යෝජනාවන් සකස් කිරීමට නියමිතය. 

2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය මගින් පළමු වරට දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ  “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කර අතර ඒ හරහා පාසැල් සිසුන් ලක්ෂ45 ක් වෙත සුරක්ෂා සිසු රක්ෂණාවරණය හිමි විය. ඒ අනුව පාසල් දරුවන් වෙත පෙළ පොත්නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශියට අමතරව සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම ද 2017 වසරේ සිට ඇතුළත් විය.  මෙහි ප්‍රධාන අරමුණු වන්නේ ලෙඩ රෝගඅනතුරු හා ආබාධ තත්ත්ව වලදී සිසුන් කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කිරීම හරහා  පාසල් වෙත සිසුන් පැමිණීමේ ප්‍රතිශතය ඉහළ  නැංවීමත් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා  සිසුන් යොමු කිරීමත් ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමත් දැක්විය හැකිය.  සියලු  රාජ්‍ය  පාසල්, ජාත්‍යන්තර පාසල් සහ ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්පිරිවෙන්උපකෘත පාසල්  ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල  ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබයි.

 සටහන- පබසරා රාජකරුණා