twwtwtw

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් අදියර තුනක් යටතේ සිදුවන අතර පළමු අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත  දක්වා මාර්ගය කිලෝමීටර් 26 සමන්විත වේ.  මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්  නිමවීමෙන් පසු පළමු දුම්රිය ගමන 06 දින උදෑසන 10.00 ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එහිදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සිටියදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහාය පළ කරන ආධාරකරුවන් පිරිසක් විරුද්ධත්වය පළ කර තිබේ.

එහිදී ඔවුන් හු හඩ නංවමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදි කරන ලද්දක් වන මෙම දුම්රිය මාර්ගය ඇමතිවරයා විවෘත කිරීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහ බැනර් සවි කර තිබූ අතර විරෝධතාකරුවන් එහි දී ඇමති අර්ජුන ගමන් කිරීම අවහිර කිරීමට කටයතු කරන ලදී. ඒ අනුව බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය වීමට තුබූ දුම්රිය නියමිත වේලාවට සිදු වුයේ නැත. ආරක්ෂක භට පිරිසගේ සහයෙන් දුම්රියට නැගගත් අමාත්‍යවරයාට වැඩි වේලාවක් නිරීක්ෂ චාරිකාවේ යාමට නොහැකි වුයේ දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් වන්දි ඉල්ලමින් දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත වීම නිසාය. ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් අනතුරුව ධාවනය නැවත ආරම්භ කළ අතර විවිධ ස්ථාන වල ඒකරාශී වූ පිරිස් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී හු හඩ නංවා ඇත.