rtrtrtr

2017 වසර අගභාගයේ දී මූල්‍ය කාර්ය සාධන බළකාය විසින් ශ්‍රී ලංකාව අසාදු (අළු ලේඛනයට-Gray List) ඇතුළත් කිරීමට කටයුතු කරන ලද්දේ කළු සල්ලි සුදු කිරීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීම වැළැක්වීමට ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනෙන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකව අසමත් වීම හේතුවෙනි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙම වසර මැද භාගය වනවිට මෙම ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ගැනීමට කටයුතු කරන බවයි. ඒ සදහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීමට එරෙහිව ලෝකයේ දැනට නියාමනඅධීක්ෂණ හා බැඳුණු දැඩි නීති රීති පවතින බවත් ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ දී ඒවා  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එතුමා වැඩිදුරටත් සදහන් කර ඇත.

එමෙන්ම ගෝලීය නියාමන හා අධීක්ෂණ කටයුතු සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් පියවරගෙන ගෙන ඇති අතර හොර ජාවාරම් සදහා අරමුදල් සැපයීමට පවත්නා ඉඩකඩ අසුරා ගැනීම සදහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය ‍කොමිසන් සභාවරක්ෂණ නියාමන කොමිසම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය එළබි ඇත. ඊට අමතරව මූල්‍ය බුද්ධි සේවා වැඩිදියුණු කිරීමත් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනෙන ක්‍රියාමාර්ග හා බැඳුණු ජාතික මට්ටමේ ප්‍රතිපත්ති රාමුව වඩා  ශක්තිමත් කිරීමත් එය  දැඩිව ක්‍රියාවට නැංවීම ඉදිරියේදී සිදුකර ශ්‍රී ලංකාවේ කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය තුළ ස්ථාපිත කිරීම සදහා පියවර ගන්නා බවද අධිපතිවරයා තවදුරත් සදහන් කරන ලදී.

සටහන – පබසරා රාජකරුණා