ddddd

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් ඉකුත් 03 දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර සිටියේ රාජ්‍ය සංස්ථාව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුථ රාජ්‍ය ව්‍යවසායයන් සදහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛණයට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018.12.31 දින නිකුත් කර ඇති චක්‍රලේඛණයට අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. එහි සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්. එස්. කරුණාරත්නඅගමැතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක් කටයුතු කරනු ලබයි. එමෙන්ම දැනට පත් කරන ලද සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ද සුදුසුකම් නිර්ක්ෂණය කර අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ නම් එම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.