ggg

පළාත් 5 ක් සදහා නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඉකුත් 31 දිනට පෙර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇති අතර ඒ හරහා පුරප්පාඩු  වූ ආණ්ඩුකාර ධුරයන් සදහා මෙම පත්කිරීම් සිදු කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ද,

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා ද,

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද,

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද,

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද

මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.