hhhhhhhhhhhhhhhhhh

2019 පෙබරවාරි 4 වැනි දිනට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත. 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ පවතින බරපතල ගැටලු විසදීමට අත්‍යවශ්‍යය. වර්තමාන ව්‍යවස්ථවට කලින් කලට සිදු කරන ලද විවිධ සංශෝධන ඔස්සේ එය විකෘති ව තිබෙන බව පැහැදිලිය. එහි ආසන්නතම අවස්ථාව ජනධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා උද්ගත වූ ව්‍යවස්ථා අර්බුදය දැක්විය හැකිය. අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය හොදය. නමුත් එය පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා ගෙන එන්නක් නොවිය යුතුය. අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගත්තද එයට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය වන අතර එය ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට පවතින බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ සහාය එයට හිමිවෙයි ද? එවැනි විටෙක මෙවැනි ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

සටහන – පබසරා රාජකරුණා