sb

ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍යඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ එනම් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී’ අද දින 27 පැවති මාධ්‍ය  හමුවක් අතර ප්‍රකාශ කරන ලදී. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකශ කර සිටියේ පාර්ලිමේන්තුව තුළ මැතිවරණයක් පැවැත්වීමට අළාලව යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එයට සහාය ලබා දෙන බවත් රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත‍්‍රීවරුන් පාට පක්‍ෂ භේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් නව රජයක් පිහිටුවීමට තමන් අපේක්ෂා කරන බවත් නව ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමෙන් පෙනී යන්නේ ඔවුන්ට ද පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බව පෙනීයන බව එතුමා වැඩිදුරත් පෙන්වා දෙන ලදී.

2018.10.26 දින සන්ධ්‍යාවේ නිර්මාණය වූ දේශපාලන අර්බුදයේ ප්‍රධාන කොටස් කාරයෙකු වශයෙන් එස් බී දිසානායක මහතා හැදින්විය හැකිය. එස් බී දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති කිරීමේ සටනේ පෙරමුණ ගත්තෙකි. ඔහු තම සටන අතහැර නැත. මෙය යළි දේශපාලන බල අරගලයකට පෙර මං බැලීමකි. එහි යුක්ති සහගත බව එකිනෙකාගේ දුෂ්ටි කෝණයන් අනුව විවරණය කිරීම උචිතය. කුමක් කෙසේ සිදු වුවද එය පවතින නීතියට ප්‍රකාරව සිදු විය යුතුය. රටවැසියන් වන අපිට සිදුවන්නේ යහපත් ආණ්ඩුකරණයක් උදෙසා සාධනීය අපේක්ෂාවන් දල්වා සිටීම පමණි.