bus

නව රජය බලයට පත්වීමත් සමග ඉන්ධන මිල අඩුකිරීමට සමාන්තරව හෙට දින එනම් 26 දින මධ්‍යම රාත්‍රියේ සිට 4.2%  බස් ගාස්තු අඩු කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා  බස් හිමියන් සමඟ සිය අමාත්‍යංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකශ කරන ලදී. එමෙන්ම මහජනතාවට උපරිම සහන ලබාදීම නව රජයේ අපේක්ෂාව වන බවත් ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජතාවට සහන ලබාදෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද ඇමැතිවරයා පැවසුවේය.  ඉන්ධන් මිල මේ වන විට 15%ක් පමණ අඩු වී ඇති නමුත් බස් ගාස්තු ගණනය කිරීම සඳහා සලකා බලන සෙසු පිරිවැය කාණ්ඩ එකොලහේම මිලෙහි අඩුවීමක් නොමැති අතර එමනිසා සමස්ත බස්ගාස්තුව සියයට 4.2%අඩු වුවද අවම ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොවේ.

                  ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීමට රජය ගත් පියවර ප්‍රසන්සනීය වේ. බස් සේවාව පොදු ජනතාවට කරන සේවාවකි. බස් ගාස්තුව අඩු කිරීමේ වාසිය වැඩියෙන් දැනෙනුයේ සාමාන්‍ය ජනයා හටය. දරාගත නොහැකි ජිවන වියදම හමුවේ ජිවන අරගලයට මුහුණ දෙන ජනයාහට ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම ජනතා අභිලාශ ඉටු කිරීමකි. බස් ගාස්තුව අඩු කිරීමට සමගාමිව ත්‍රීවිල් ගාස්තු හා ළමුන්  ප්‍රවාහනයේදී අය කරන ගාස්තුද අඩු කල යුතුය. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතන අවශ්‍ය පියවර ගත යුතුය.  මේ හරහා වෙනත් ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවන් වල නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය අඩුවෙන අතර එහි වාසිය ජනතාවට ලබා දීම ඔවුන්ගේ යුතුකමකි.