hhhh (1)
අද දින දිවුරුම් ලද නව කැබිනට් අමාත්‍යවරු  මෙසේයි
 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.
02.ජෝන් අමරතුංග මහතා  සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා  විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා  පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා  මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19. අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20. පලනි දිගම්බරන් මහතා කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
21. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22. තලතා අතුකෝරල මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23. අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍ය
24. අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25. සාගල රත්නායක මහතා වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26. හරින් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27.මනෝ ගනේෂන් මහතා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28. දයා ගමගේ මහතා  කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
29. මලික් සමරවික්‍රම මහතා  සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
මෙම අමාත්‍ය මන්ඩලයේ විශේෂතා කිහිපයක් ද දක්නට ලැබේ.
ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර දැරූ නීතිය හා සාමය අමාත්‍ය ධූරය මෙවර ජනපති යටතට ගෙන ඇති අතර  ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ නිමවනතුරු ජනාධිපතිවරයා එම අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බව ආරංචි දේශපාලන  ආරංචිමාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුරයක් හෙබවූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක්  ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් යෝජනා කර තිබුණද දිගින් දිගටම තමන්ව විවේචනයට ලක් කිරීම හේතුවෙන් සරත් පොන්සේකාට අමාත්‍යධූරයක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ  බැවින් මෙවර ඔහුට අමාත්‍යධුරයක් ලැබී නැති බව එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා ඇත.
අමාත්‍ය ධුර ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන් සහ රිෂාද් බදියුදීන් අද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර අමාත්‍ය ධුරයක් භාර  ගැනීම ප්‍රතික්ෂේප කළ ඩී .එම්. ස්වාමිනාදන් අද කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේ නැත.
පසුගියදා ආණ්ඩු පක්ෂයේේ අසුන් ගත් නිදහස් පක්ෂ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට  මෙන්ම යලි එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායකට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි නොවුණි.