an
කුමන්ත්‍රණය පරාදයි –  සැබෑ ජනතා ජයග්‍රහණයට පෙළගැසෙමු යන මැයෙන් කිරුලපන ප්‍රදේශයේ අද දින  ජනතාව විමුක්ති පෙරමුණවිසින් ජන හමුවක් සංවිධානය කර තිබුණා.
මෙම ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ නව ආණ්ඩුවට මහා  බැංකු බැඳුම්කර වංචාව හෝ අමාත්‍ය වරුන්ගේ සොරකම් යට ගැසීමට ඉඩ ලබා නොදෙන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ලද දේශපාලන පසුබෑම් ආවරණය කර ගැනීම්ට උත්සාහ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම ජන හමුවට එක්වෙමින් සඳහන් කළා.