rrr
නව  අග්‍රාමාත්‍යවරයා  ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම්ට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.
යුක්තියේ හඬ ජයග්‍රහණය සැමරුම් අනිද්දා කොළඹ ගාලු මුවදොර පිටියේදී සමරන බව ද එතුමා මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය සහ ඉදිරි ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද දින අරලියගහ  මන්දිරයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මෙහිදී ප්‍රතිවාදීන්ට පහර ගැසීමට සූදානම් නොමැති බවත් ජයග්‍රහණය හරහා උදම්නොවන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම තිස්දෙනෙකුගෙන් සමන්විතවිත නව අමාත්‍ය මණ්ඩලය  අනිද්දා දිවුරුම් දීමට නියමිතයි.