“ඉක්මනින් එන අය ඉක්මනට බහිනවා ….”- මධුෂිකා ලක්මාලි

Madushika 3

– කවුද මේ මධුෂිකා ලක්මාලි..බොහෝ දෙනෙක් ඔබව හඳුනනවා ඇති..නොදන්න අයටත් දැනගන්න කියමු..?

මම මොඩ්ල් කෙනෙක්..

IMG-20181210-WA0003IMG-20181210-WA0001

– ඔබේ පෞද්ගලික තොරතුරු මොනවාද?

මම මහරගම ප්‍රදේශයේ ‍ජීවත්වන්නෙ..කෝට්ටේ ශ්‍රී රාහුල මහා විද්‍යාලයට තමයි පාසල් ගියේ ..

– මේ දවස්වල මොනවද වැඩ කටයුතු?

සුපුරුදු පරිදි modeling කටයුතු කරගෙන ඉන්නවා..

– මේ වෙනකොට ක්ෂේත්රයේ මොන වගේ වැඩ කටයුතුවලට ද ඔබ සම්බන්ධ වෙලා තියෙන්නෙ?

රූපවාහිනි වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුණා hiru tv නාලිකාවේ ආටක නාටක..සෙවනැලි.. වගේ වැඩසටහන්..

ඊට අමතරව නිරන්තරයෙන් photoshoots වලට සහභාගි වුණා..music video හයක් විතර කරලා තියෙනවා.. ඒ වගේම commercial  වලටත් සම්බන්ධ වෙලා තියෙනවා..

තරුණයා, The island,  සිරිකත පුවත්පත්වල Cover page කිහිපයක් කළා..

IMG-20181210-WA0005IMG-20181210-WA0004

– ඔබ මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ මොන කාලයේද ?

මම 2016 වසරේ තමයි ක්ෂේත්‍රයට එන්නේ..

– වසර 02 ක් වැනි කෙටි කාලයකදී බොහෝ දුරක් පැමිණි ඔබට බොහෝ අය උදව් උදවු කරන්නට ඇති. විශේෂයෙන් මතක් කරන්න අය ඉන්නවද?

මගේ දෙමාපියන් ..ඒ වගේම දීපාල් ගෝමස් මහතා විශේෂයෙන් මතක් කරනවා.

madushika 2Madushika 4

– බොහෝ නිරූපණ ශිල්පීන් නිරූපණයෙන් රංගනය දක්වා ගමන් කරනවා ..ඔබ රංගනයට කැමැත්තක් දක්වන්නෙ නැද්ද?

මම රංගනයටත් ඒවගේම කැමතියි.. මේ වෙනකොට ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතාගෙ අභිෂේක කියලා චිත්‍රපටයක රඟපාලා තියෙනවා ..තාම Release වුණේ නැහැ..

– ඉදිරියේදී ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙකුට දෙන්න තිබෙන උපදෙස මොකක්ද ?

විෂය හදාරලා Talent  එක මත එන එක හොඳයි කියලා හිතෙනවා..

Madushika 5Madushika 7

– බොහෝ නිරූපණ ශිල්පීන් රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනවා.. Saloon එකක් එහෙම කරන්න අදහසක් නැද්ද?

නැහැ.. (සිනාසෙමින්)

– එහෙනම් විදේශගත වෙන්න වත් අදහසක් ⁣තියෙනවද ?

ඇත්තටම ඔව් ..ඒත් modeling අත්හරින්නේ නැහැ..

– ලංකාවෙ මොඩ්ලින් කරද්දි මොනවද ඇතිවුණු ඇතිවෙන අභියෝග?

ම්ම්ම්… ප්‍රශ්න තියෙනවා ..බොහෝ දුරට යන්න අමාරුයි.

Madushika 9Madushikaa 10

– ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

modeling  වලින් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව..

ස්තුතියි මධූ..bostonlanka.com අපෙන් ඔබේ අනාගතයට සුබපැතුම්..!

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි