Holiday times
උත්සව උත්සව සමයේ ජීවන වියදම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද දින (11) පසුගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව පැවසුවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන් සාකච්ඡාවට කැඳවා තිබුණු අතර එළඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳව එහිදී අවධානය යොමු කළා.
මිල නියාමනයන් සිදු කරමින් වෙළෙඳපොළ තුළ අසාධාරණ ලෙස මිල වැඩි වීම් වලට ඉඩ නොතබා නිරන්තරයෙන් වෙළෙඳපොළ මිල පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස  මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා වෙළදපොල මිල ද දර්ශක පිළිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම්ට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.