mm
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ට එකඟ නොවන බවට ප්‍රකාශ කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම්ට මේ මොහොතේ සිට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත්දුරටත් සඳහන් වේ.
කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණධිකරණය අද ලබාදුන් අතුරු තහනම් නියෝගය ට තමා එක්ඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය  කිරීම සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයට බවයි.
මවුබිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනය අවංක භාවය පෙරදැරි  රටේ ජනතාව මෙම තීරණාත්මක මොහොතේ දී සාමකාමීව සහ ධෛර්යය සම්පන්නව වගකීමෙන් කටයුතු කරනු ඇති  බවට මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව මෙහි තවදුරටත් දැක්වේ