“Model කියන්නෙ ලේසියෙන් ලබා ගත හැකි profession එකක් නෙවෙයි.”

Disna 2

– දිස්නා ගීතිකා යනු කවුද?

මම වෘත්තියෙන් හෙදියක්. නමුත් මම කැමතියි මම නිරූපණ ශිල්පිණියක් ලෙසට මා හඳුන්වාදීමට..

– කොහොමද ඔබ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

අවුරුදු 16 න් තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.. මුල් කාලයේ Dancer කෙනෙක් විදියට කටයුතු කළා..

– ඔබේ වෘත්තියත් එක්ක කොහොමද මේ දේවල් සමබරව කරගෙන යන්නේ?

Nursing Diploma එකෙන් පස්සේ මම Nurse  කෙනෙක් විදිහට කටයුතු කළා . නමුත් මේ දිනවල මම එම වෘත්තියට තාවකාලිකව සමු දී තමයි නිරූපණ කටයුතුවල නියැළෙන්නේ..

මොනවද මේ දවස් වල වැඩ කටයුතු?

photoshoots වලට වැඩි වශයෙන් සහභාගි වෙනවා ..ඉදිරියේදී beaty pageant එකක cordination part එක කරන්න බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම මේ දිනවල Indian production ටීම් එකක් එක්ක fashion show එකකට සහභාගි වෙනවා.

– කොහොමද ඔබේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම මගේ සැමියා හොඳ Support  එකක් දෙනවා මගේ වැඩ වලට ..මොකද නැත්නම් මට බබත් එක්ක මේ දේවල් කරගන්න එක ලේසි වෙන්නේ නැහැ නේ..

ජීවිතයට time table එකක් තියෙන්නම ඕනේ නැත්නම් හරිම අමාරුයි..

FB_IMG_15428148199629283FB_IMG_15428147961020493

– ඔබ මෑතකදී සහභාගීවන beauty pageant එක ගැනත් කියමු නේද?

ඔව් Mr and Mrs sri lanka for USA 2018 pagent එකට මම සහභාගි වුණා.. එහෙයින් Mrs queen ලෙස කිරුළ පළඳන්න මට වාසනාව ලැබුණා. එය වටිනා අවස්ථාවක් . ඒ වගේම මගේ 1st pagent එක එමගින් බොහෝ දේවල් improve කරගැනීමට මට අවස්ථාව ලැබුණා . ලොකු තරගයකුත් තිබුණා ..

– ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු තොරතුරු මොනවද ?

මගේ උපන් ගම මොරටුව.. පාසල් ගියේ මොරටුව ධර්මරාජ විද්‍යාලයට.. උසස් පෙළ සඳහා moratuwa conventඑකට ගියා .

31DSC_5390-Edit2

– Model කෙනෙක් විදිහට මොනවද තිබෙන අභියෝග?

model කෙනෙක් කියන්නේ ලේසියෙන් ගන්න පුළුවන් profession එකක් නෙවෙයි .. ඒ සදහා දැනුම වගේම හැකියාවකුත් තිබෙන්න ඕනේ.

IMG_5279IMG_5287

– ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

model කෙනෙක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා .විදේශගත වන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා.. model කියන්නේ මගේ hobby එක.. ඉතින් එයට නැවතුම් තිත තියන්න මා බලාපොරොත්තුවන්නේ නැහැ.. ඒ වගේම Drama එකක හෝ Film එකකට සම්බන්ධ වෙන්නටත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.. මම දන්නෙ නැහැ මට කොයිතරම් හොඳට රඟපාන්න පුළුවන් ද කියලා ..නමුත් ඇත්තටම මම ආසයි..

ස්තුතියි දිස්නා ගීතිකා..ඔබේ ඉදිරි බලාපොරොත්තු වෙනුවෙන් අප සුබ පැතුම් එක් කරනවා..!

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි