ttt
වසරේ ගතවූ මාස එක හමාරක පමණ කාලක් තුළ ඩෙංගු රෝගීන් 271 දෙනකු යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය පැවසීය.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෙලෙස ඩෙංගු රෝගීන් යාපනය නගරය හා ඒ අවට ප්‍රදේශව වලින් වැඩි වශයෙන් වාර්තා වෙන අතර ඩෙංගු මර්දනය වෙනුවෙන් ජනතාවට සිය නිවෙස් අවට ප්‍රදේශ පිරිසුදු කර ගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉල්ලා සිටී.