ener
ගීතය  වූ කලී ලොවක්  නැලවිය හැකිත් සැනසිය හැකිත් ලොව ජනිත වූ විශ්වීය  භාෂාවක්  ලෙස මා හැදින් වුව හොත් නිවැරදිය. ලොව තුල වන්නා වූ දුක  සුසුම එකට කැටි කොට ගත් හදවතේ සියුම්  තැන්  ස්පර්ශ කල හැකි යමක් වේද ඒ ගීතය යී.
      ගීතය වූ  කලී හුදු වචන කීපයක  එකතුවක්  පමණක්   නොව .අරුතක්  රසයත්  එකට කැට් වූ තැන ගීතය නීර්මාණය  වේ. නමුත්  වර්තමානය  වන විට  මෙය අරුතක්  නොමැති වූ  හිස් වචන  මාලාවක්  මෙන්ම  ඝෝෂාකාරී  ශබ්දයන්  ගේ  එකතුවක් වී ඇති බව නොරහසකි . මේ ලිපිය අරමුණ  අවරට යන ගීත කලාව  නිසී  මගට ගැනිමයි.
              එදා  මෙදා  තුර  ගිත කලා  සාහිත්‍ය   දෙස හැරි බලන කල  ඇතැම් ව්ද්වතුන්ට  පවා  හදූනා ගත  නොහැකි වන අයුරකින්  ගීතය  වෙනසකට භාජනය  ව් හමාරය . මේ  වෙනසට හේතුව මක් නිසාදයත්ද  ඔවුන්  ට වත්  හදුනා ගත නොහැක්කක්  බවට පත්ව හමාරය.
                                               අප රට තුල  ගත් කල  ආර්ථික  රටාවේ වෙනස්  ව්මත් සමග  එහි බලපෑම ආර්ථික , දේශපාලන ,සංස්කෘතික ,සමාජීය  ලෙස   වෙසකට ලක්  වූ බවක්  අප සියල්ල   දන්නා යමකී. මුල් කාලය තුල නොදියුණු  මට්ටමක පැවතුන අතර  එහි දී  නිර්මාණය  වූ  ගීතයන්  ජනයාගේ   හදවතට කතා කරම්න් කණට මිහිරක් එකාසූ කරන්නට   මෙන්ම සමාජයට යම් හෝ ලෙසකින්   යමක් කියා දීමට ගත් උත්සාහය     අපමණය .
                   ආදරය , විරහව , යන වදන් වලට උන්   එදා  ඒ දුන්නා වූ සුන්දරත්වය  වර්තමානයේ    නොලැබී යන්නට තරමටම    ගීත කලාවෙන්    ජනයාගේ  ඈත් වීම  හේතු වුණි දැයි  ව්මසිමට   ගත යුත්තකි .
            කෙමින් කෙමින්   ඉදිරියට  ඇදෙන   සංස්කෘතික  රටාවක් තුල  මෙතෙක් රැක ගෙන ආ හරයන්  යටපත්  කරම්න් කනපිට   පෙරලීම   ප්‍රභල   මතයක් වී හමාරය . ඒ මක් නිසාදයත්ද   වර්තමාන පරපුරට   උවමනාව වී ඇත්තේ   රසයක් සැපයීම  වත් අරුතක්  සැපයීම  වත් නොව  කාමුක ලිංගික  හැගිම්   උද්දීපනය  කරමින්     පෙර කල විග්‍රයනට වෙනස්ම අරුතක් ලබා දීමටය.
                  මීලඟ ට  පැනනඟින්නේ   අප මෙය කෙසේ නවතාලිය  හැකිද යන්නය.   ඒ අනුව මිනිසා    නම් යමක්   හොද නරක වෙන කොට   වැරදි  තැන් නිවැරදි කල හැකි නුවණක්  ඇති සත්වයෙ කි. එසේ නම්  ඔහුට හැකියාවක්  පවති   ගීතයක් රස විදීමටත්   මේ කතා බහ කරන වෙනස  හදුනා ගැනිමටත් . නමුත්  වර්තමානය  වන විට  වී  ඇත්තේ  මීට එහා ගිය   දෙයක්‍ ය.  එදා    මිනිසා  ට  තිබුණු   නිදහස  වර්තමානය  යේ දී .මුදල නම්  ප්‍රභල  අවිය හමුවේ  යන්ත්‍රයක්  වී හමාරය . කාර්යයබහුලත්වය හමුවේ    ගීතයක් රස වීදිනවාට වඩා  තම හිතවතුන් හා සතුටු  සාමිචියේ  යෙදිමට තරම් වත්  කාලයක් නොමැතිව  ගොස් හමාරය. මෙසේ  ජනයාගේ  ඈත් විම හේතුවෙන්   ගීත කලවට වී ඇති පරිහානිය  අපමණය  .
             මිනිසුන්  වන අප යන්ත්‍රයක්  නොවන  බව අප හොදිනම දනිමු. යන්ත්‍රයක්  වුවද   මදක් හෝ  විවේකයක්  අවශ්‍ය   වන බවත් අප  දනිමු. අප විය යුත්තේ  හිතක්    හැගිම් ,දැනිම් ,ව්දිම් නොමැති යන්ත්‍රයක්  නොව . සංවේදී  මිනිසෙකු ය.
           මේ කලාවන් දෙකම අගයන කලාකරුවෙකු බිහි වුව හොත්  ඔහුට හෝ ඇයට නැගෙනා ප්‍රශ්නාර්ථයක්  වන්නේ මෙවන් වූ    වටපිටාව ක් තුල තම හැකියාවන්  එලිදැකිය .හැකිද යන්නය .  ඒ   ප්‍රශ්නයට  පිලිතුර මේ ලිපිය මගින් මෙතෙක්  කතා කලෙමු.   එනම්   එයට දිය හැකි හොදම පිළිතුර   නම්   මිනිසාගේ කාර්යයබහුලත්ව  මදක් දුරු කර  නිදහස් මනසින් යමක්  රසවත්ව  විදිමට හැකිනම්     ගීත කලාවත් රැකෙනු ඇත. එමෙන්ම  තව තවත්  වැදගත් වු කලා නිර්මාණය න්  බිහිවීම  හා  කලාවේ ප්‍රගමනය   නොනවත්වා  සිදුවනු ඇතැයි  මගේ  අදහසයි.
By: Arosh Bandara