POLITICAL NEWS (1)
අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් හෙට (15) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත් අතර ඒ අනුව නැවතත් හෙට දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද උදෑසන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා යන වැකිය එම කළු පටි වල සඳහන් කර තිබුණි