INTERNATIONAL NEWS
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දේශපාලන අර්බුදය තව තවත් උග්‍ර කරවන්නක් බවත් ඒ පිළිබඳව තමන් දැඩි කනස්සල්ල පළ කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව Twitter පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නේ කරන්නැයි කිහිප අවස්ථාවකදීම ඇමරිකා එක්සත් ජන ජනපදය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව නිවේදන නිකුත් කළ අතර ඒ සෑම අවස්ථාවක දී ම මේ පිළිබඳව අවධාරණයෙන් කියා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් විය.
“දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී.  ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි.”