jefff
ඇමරිකාවේ නීතිපති ධූරය හෙබ වු ජෙෆ් සෙෂන්ස් සිය ධූරයෙන් පහ කෙරුනේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන්  රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බහුතර බලය අහිමි වී දිනකට  පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව තම රාජ රාජකාරී නි නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මත ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මෙලෙස ඉවත් කර ඇති බව සඳහන්.
පසුගිය ජනාධිපතිවරණයේ දී රුසියාව සිදු කළ මැදිහත්වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු නොකිරීම මොහු වෙත එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
ජෙෆ් සෙෂන්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් ඉල්ලා අස්වන බව සඳහන් කළේ, එම තීරණය ජනපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාවයට අනුව සිදුවුවක් බව පැහැදිලි කරමිනි.
මින්පසු අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයේ විශේෂ නීති උපදේශක මුලර් ව ධූරයෙන් ඉවත් කිරීමට හෝ එම විමර්ශන අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් පත්කිරීමට නියමිත නව නීතිපතිවරයාට හැකිවනු ඇති.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුමේ  සඳහන් කර ඇත්තේ මැතිව් වයිට‌ේකර් විසින් මින් ඉදිරියට එම ධුරය දරනු ඇති බවයි.