අමීෂාගෙ ලස්සන වීමේ රහස්

ameesha
අමීෂා කාවින්දි කියන්නෙ සුරූපී සිනමා නිළියක්.ඇය ටිකක් කාර්‍යබහුල වුණත් තමන්ගෙ රූ සපුව ගැන නිතරම හිතනවාලු..ඒ නිසාලු අමීෂා ලස්සනට ඉන්නේ.අමීෂාගෙ රූ රහස් මොනාද කියලා ඔන්න ඇය ප්‍රථම වතාවට තමන්ගෙ රසික රසිකාවියන්ට කියනවා.
අමීෂා කොච්චර වැඩ තිබුණත් සතියකට දෙවතාක් ක්ලීනප් එකක් කරන්න අමතක කරන්නෙ නැහැලු.ඒ විතරක් නෙමෙයි අමීෂා ගෙදරදි සුදුහදුන්,යෝගට්,මී පැණි,ලෙමන් යුෂ,කහ දාලා හදන විශේෂ පැක් එකක් මූණේ ගානවාලු.
අනික් සුවිශේෂීම කාරණය තමයි අමීෂා මූණට ක්‍රීම් නම් ගාන්නෙම නෑලු.ස්වභාවික සත්කාර තමාලු වැඩිපුර කරන්නේ.අව්වට ටිකක් වැඩිපුර නිරාවරණය වුණු දවසට නම් යෝගට් ටිකක් මූණේ ගාලා විනාඩි 20 ක් විතර ඉන්නවාලු.කෝමාරිකත් අවුවට පිච්චුණ සම යථා තත්ත්වයට පත් කරන්න හොදයි කියලා අමීෂා කියනවා.
බාහිරින් කරන සත්කාර විතරක්ම නෙමෙයි අමීෂා උදේ දවල් රාත්‍රී ආහාර වේල්වල පෝෂණය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවාලු.ඒ වගේම වතුරත් ගොඩක් බොනවලු.තවත් විශේෂ දෙයක් ඇය කරනවා..ඇය අනිවාර්‍යෙන් මාසෙට දෙවතාවක් විතර කොත්තමල්ලි තම්බලා බොනවාලු.ඒක සමට ගොඩක් හොදයි කියලා තමයි අමීෂා කියන්නේ.
අමීෂා එයාගෙ කොණ්ඩේ ගැනත් සැලකිලිමත්ලු.පොල්තෙල් ඩබල් බොයිල්ඩ් කරලා ඔලුවට දාලා හොද මසාජ් එකක් ඔලුවට දෙන්න අමතක කරන්නෙ නෑලු.ලස්සනට හැඩට ශරීරය තියාගන්න ඕන නිසා කෑම ගැනත් ප්‍රවේසම් වෙන ගමන් නිතර ජිම් යන එකත් අමීෂා කරනවාලු.
ඔන්න ඕවා තමයි අමීෂගෙ ලස්සට බලපාපු රහස්.
අමීෂාට ආදරය කරන අයට පුළුවන් දැන් මේ රූ සත්කාර අත්හදා බලන්න..
ඒ එස් මල්ලවාරච්චි