මම Media වලට කඩේ යන්නේ නෑ” – රංග ගමගේ

IMG-20180828-WA0013

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනා සිටින රංග ගමගේ මහතා මෙවර bostonlanka media කතා බහ සමඟින් එකතු වුණා..නර්තනය ගැන උනන්දුවක් දක්වන හැමදෙනෙක්ටම මේ කතාබහ වටිනාකමක් එක් කරනු ඇති බව අපට විශ්වාසයි.

IMG-20180828-WA0004IMG-20180828-WA0001

– ‘රංග ගමගේ’  කියන්නේ කවුද ?

රංග ගමගේ කියන්නේ පොඩි තැනක ඉඳන් ඉගෙනගෙන ගොඩක් දුක් විඳලා ආ ගමනක ප්‍රතිඵල ලෙස දැනට ලංකාවේ වෘත්තීයමය නර්තන කණ්ඩායමක් හිමි නර්තන අධ්‍යක්ෂවරයෙක්..

– ඔබ කොහොමද නර්තන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

2008 වසරේ Sirasa Dancing Star- first season එකෙන් තමයි මම නර්තනයට පිවිසෙන්නේ.. ඒ වගේම මම ප්‍රවීණ නැටුම් අධ්‍යක්ෂ ‘ශාන් පෙරේරා’ යටතේ සහාය නර්තන ශිල්පියෙක් විදියටත් කටයුතු කළා..

– ඔබේ පෞද්ගලික විස්තර මොනවද ?

මගේ ගම ඇඹිලිපිටිය.. ඇඹිලිපිටිය සෙවණගල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා මම අධ්‍යාපනය හැදෑරුවා..ඒ  වාණිජ විෂය ධාරාවෙන්. ව්‍යාපාරික කටයුතු මිසක් මගේ පවුලේ කිසිම කෙනෙක් නර්තන හෝ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැහැ.

 මොනවද මේ දවස්වල කෙරෙන වැඩ කටයුතු?

ඉදිරි නොවැම්බර්  මාසයේදී මගේ නර්තන කණ්ඩායමත් සමග රටවල් හයක පමණ නර්තන ප්‍රසංගවලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා..පසුගිය ව⁣සරෙත් දෙසැම්බර් මාසෙ අප කණ්ඩායම විදෙස් ගතවුණා.මේ වසරෙත් යනවා.. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා

IMG-20180828-WA0010IMG-20180828-WA0008

– ඔබේ කලායතනය ගැන විස්තර මොනවද?

“Ranga Gamage dance studio” ලෙස මගේ නර්තන පාසල හඳුන්වනවා.. කොට්ටාවේ තමයි පිහිටා තිබෙන්නේ..දැනට ස්ථාවර මාසික  වැටුපක් ලබන වෘත්තීයමය නර්තන ශිල්පීන් තිස් දෙනෙකු පමණ මා කණ්ඩායමේ කටයුතු කරනවා..

– මොනවගේ නර්තන වින්‍යාසයක් ද ඔබේ කලායතනයෙන් හැදෑරිය හැකි වන්නෙ?

පෙර -අපර දෙදිගම නර්තන වින්‍යාසයන් හැදෑරිය හැකියි. මගේ නර්තන කණ්ඩායම සාම්ප්‍රදායික නර්තනයට මුල් තැනක් දෙනවා.. මොකද අපට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් ලංකාවේ දෙයක් අරන් ගියොත් ..ඒ සඳහා තියෙන අවස්ථා වැඩියි..

IMG-20180828-WA0006IMG-20180828-WA0007

– නර්තනය අලුතින් හදාරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු කෙසේද ඔබේ කලායතනයට සම්බන්ධ වන්නේ?

කැමැත්ත සහ කැපකිරීම තමයි මූලිකවම බලපාන්නේ. කොපමණ කාර්යබහුල වුවද නර්තනය හදාරන්න කැමති පිරිස වෙනුවෙන් යම් වේලාවක් වෙන් කරන්න අපි හිතුවා.. ඒ අය වෙනුවෙන් ඉරිදා දිනයේ ප.ව.5-7 අතර කාලය අප වෙන් කළා.

 ලංකාවේ නර්තන ශිල්පීන්ට තිබෙන අභියෝග මොනවද?

නර්තනය කියන්නේ භාවනාවක් වගේ දෙයක්. ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය, කැපවීම ඔස්සේ ස්වයං හික්මීමක් ඇති වන තත්ත්වය දක්වා ප්‍ර‍ගුණ කළ හැකි කලා අංගයක් නර්තනය.. ඕනෑම නර්තන ශිල්පියෙක් ඒ ඔස්සේ ඉදිරියට යා යුතුයි එසේ නොමැතිව ඔවුනට පැවැත්මක් නැහැ.

– වෘත්තීමය ලෙස ලංකාවේ නර්තන ශිල්පය සාර්ථකද?

ඇත්තටම බොහෝ දුර යා හැකි ක්ෂේත්‍රයක්.. Entertaining කියනදේ කවරදාටත් වඩා අද මිනිස් ජීවිතයේ මූලික දෙයක් වෙලා.. උදාහරණයක් කිව්වොත් මංගල අවස්ථාවක නර්තන කණ්ඩායමක් එදා හිටියේ නැහැ ..නමුත් අද වන විට නර්තන කණ්ඩායමක් නොමැති මංගල අවස්ථාවක් සොයා ගැනීම දුර්ලභයි. ඒවගේම මනමාලයා සහ මනමාලිය පවා නර්තනයේ යෙදෙනවා.. Award ceremony ,events, production launchers පමණක් නෙවෙයි සංගීත ප්‍රසංගයක් ගත්තත් නර්තන කණ්ඩායමක් අනිවාර්ය වෙලා තිබෙනවා..

IMG-20180828-WA0013IMG-20180828-WA0017

– නර්තනය සම්බන්ධයෙන් කුඩා ලමයින්ගෙ සිට පවත්වන රියැලිටි තරග ගැන කුමක්ද ඔබේ අදහස කුමක්ද ?

මා කැමතියි බොහෝ දෙනාගෙ අවධානය යොමු නොවන පැත්තක් ගැන කියන්න.බොහෝ විට ඒ දෙමාපියන්ගේ කැමැත්තට දරුවන් ඉදිරිපත් වෙනවා. ඔවුන් තුළ තරඟකාරීත්වයක් බලෙන්ම ගොඩනගනවා. 1,2,3 වශයෙන් ස්ථාන ලබා දෙනවා.. මෙයින් ළමයාට අහිතකර බලපෑමක් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි..පරාජය පවා මාධ්‍ය මගින් අතිසංවේදී කොට හැඟීම්බරව ඉදිරිපත් කිරීමෙන් ළමයා මානසිකව ඇද වැටෙනවා..

බොහෝ දෙනෙක් මාධ්‍යට වහලෙකු වී Media පස්සේ යනවා තමන්ගෙ තත්වය ඔසවා ගන්න..ප්‍රසිද්ධ වෙන්න..නමුත් මම නම් හිතන්නේ අපි හොඳ දෙයක් කළොත් Media අපේ පස්සෙන් ඒවි.. මම කවදාවත් Media වලට කඩේ යන්නේ නෑ..

– නර්තනයක කියන්නේ ඇඟේ තිබෙන්න ඕන දෙයක් ද, නොඑසේනම් පුහුණු කිරීමකින් ප්‍රවීණත්වයට යා හැකි දෙයක්ද?

අපිට උපතින් කතා කරන්න බැහැ. නමුත් ප්‍රගුණ කිරීමෙන් එම හැකියාව ලබා ගන්නවා.. ඒ වගේම බොහෝ දෙනෙක් සිටිනවා තමන් තුළ පවතින නර්තන හැකියාවන් හඳුනා නොගන්නා පිරිස. ගුරුවරයෙක් ලැබුණොත් ඔවුන්ගේ එම හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කැපවීමත් තියෙන්න ඕන.. මෙහෙම දේකුත් තියෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් ගායනයට කැමති එහෙත්  නර්තනයට දක්ෂ .. ඇඟේ රිද්මය තිබෙන .. එවැනි අවස්ථාවල තමන්ගේ සහජ හැකියාවන් හඳුනා ගත යුතුයි.

 අලුතින් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වෙන කෙනකුට නර්තන අධ්‍යක්ෂවරයෙක් විදියට මොනවද දෙන්න පුළුවන් උපදෙස්?

කැපවීම අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදිහට යම් පුද්ගලයෙක් නර්තන කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා යැයි සිතන්න. ඔහු ප්‍රසංගයක නර්තනය සඳහා පොරොන්දු වී ඇති දිනයේම ඔහුගේ සමීපතම ඥාතියෙක් (මව )මියගොස් ඇතැයි සිතන්න. නමුත් ඔහුට පොරොන්දු වී ඇති ප්‍රසංගය මගහැරිය නොහැකි යි. එවැනි කැපවීමක් තිබිය යුතුයි..

ඒ වගේම මේ තවත් දෙයක් කියන්න ඕනේ.  ඇතැම් නවකයින් නර්තන කණ්ඩායමක් සමග එක්වී සුළු කාලයකින්ම කණ්ඩායම හැර ගොස් තවත් නවකයින්ට නායකත්වය දීමට යනවා.. නිවැරදි පුහුණුවක් නොමැතිව වාණිජ අරමුණින් අඩු ගානට ප්‍රසංග භාරගන්නවා.. නමුත් ගුණාත්මක අතින් ඉතා දුර්වලයි. විදේශිකයෙක් මෙවැනි ප්‍රසංගයක් බලා තීරණය කරන්න පුලුවන් ලංකාවෙ නර්තනය කියන්නේ මේක කියලා ..ඒ අනුව එය සමස්තයක් ලෙස ලංකාවේ නර්තනයට කැළලක්..නවකයින් එවැනි දේ ගැන සැළකිලිමත් විය යුතුයි.

– ලංකාවෙ නර්තන ශිල්පිනියන් ගේ නර්තන සහභාගීත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

ලංකාවෙ නර්තන ශිල්පිනියන්ට වඩා සිටින්නේ නර්තන ශිල්පීන් ..බොහෝ දෙනෙක් නර්තනය හදාරන්න ඇවිත් මග නතර වෙනවා. නිසි හැදෑරීමකින් තොරව ලස්සන රුවක් තිබූ පමණින් නර්තනයට පැමිණෙන අය බොහෝයි.. ඕනෑම කෙනෙකුට නර්තන කණ්ඩායමක් හදාගන්න පුළුවන්. සංගීත ප්‍රසංග ආදියට පවා ..නමුත් මෙහෙයවීමට නිවැරදි ගුරුවරයෙක් නොමැති වුවහොත් ඉදිරි ගමනක් නැහැ..

 ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

ලෝකෙ කොහෙවත් නැති නර්තන විශේෂයන් ලංකාවෙ තිබෙනවා.. ඒවා ජාත්‍යන්තරයට අරගෙන යන්න ඕනේ. නර්තනය කියන්නේ කලාවක් .එබැවින් කලාවේ ප්‍රගමනය වෙනුවෙන් එවැනි දෙයක් කිරීම අපේ යුතුකම කියලයි මම හිතන්නේ.. මම ඒ වෙනුවෙන් කැපවෙනවා.

ඒ වගේම මා විශේෂයෙන් මතක් කරනවා මගේ බිරිඳ නිශානි ගමගේ මහත්මිය. ඇය තමයි costume සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.. වගේම ප්‍රවීණ නර්තන අාචාර්ය රොෂාන් දොඩංගොඩ මහතා සාම්ප්‍රදායික නර්තන අංශයෙන් මට විශාල සහයෝගයක් වෙනවා.. නම් සඳහන් කළ නොහැකි වුවත් මට මේ ආ ගමනට බොහෝ දෙනෙක් උදව් වුණා.. ඒ සියලු දෙනාටම ස්තුතියි!

By – Tharushi Nawanjana Liyanachchi