“වැඩියෙන් කැමති සිනමාවට” – ඉරුෂි වීරසිංහ

received_1011597972333966

නර්තනය හා රංගන දස්කම් ඔස්සේ කලා ගැබෙහි පායා එන දීප්තිමත් තරුවක් ඇය ..කාගේත් ආදරය දිනාගත් මේ සොඳුරු යුවතිය නමින් ඉරුෂි වීරසිංහ..

ඉරුෂි, මොනවද මේ දවස් වල වැඩ කටයුතු ?

සුපුරුදු පරිදි රංගන කටයුතුවල නිරත වෙනවා.. පසුගියදා ප්‍රීතිරාජ් වීරරත්න මහත්මාගේ චිත්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා හිටියා ..ඊට අමතරව commercials කිහිපයක් කලා.. ඉදිරියේදී තවත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා..සුරේෂ් කුමාරසිංහගෙ DVD Film එකකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා..

received_1011597922333971 received_1011597945667302

– ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ?

මම පාසල් කාලයේ සිට නර්තන කටයුතුවල නියැළෙනවා.. දැනට වසර 2කට පමණ පෙර තමයි රංගනයට සම්බන්ධ වුණේ ..

-ඔබ වෙනත් රැකියාවක නිරත වෙන ගමන්ද කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවල නියැළෙන්නේ ?

නැහැ ..නමුත් මටඉදිරියේදි රැකියාවක් ලැබුණත් ක්ෂේත්‍රයේ වැඩකටයුතු අත්හරින්නෙ නැහැ..ඒ දෙකම සමබරව කරන්නත් බලාපොරොත්තු වෙනවා..

received_1011598019000628received_1011598245667272

– ඔබ වැඩිපුරම කැමැති සිනමාවටද පුංචි තිරයටද ?

ඇත්තටම මම සිනමාවට තමයි වැඩියෙන් කැමති

– ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා සිටියද ?

ඔව් ..මම දැනටත් නිරූපණ කටයුතුවල නිරත වෙනවා

මොනවද පවුලෙ විස්තර?

  මම ඉන්නේ මහරගම.. මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා ..අපේ පවුලේ එකම ළමයා මම..

received_1011597972333966received_1011597812333982

– රංගන ක්ෂේත්‍රයට ම්බන්ධ වන විට ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ ?

ගෙදර අයගෙ අකමැත්තක් නැහැ.. නිරූපණ කටයුතුවලදි මම තෝරා බේරාගෙන කටයුතු කරන්නෙ..

– ඔබේ අනාගත බලාපොරොත්තු ඉදිරි සැලසුම් මොනවද?

මම රංගන කටයුතුවලින්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා..ඒ වගේම නර්තනයත් මගේ ජීවිතේ අංගයක්..

ස්තුතියි ඉරුෂි.. ඔබට ඉදිරි රංගන ජීවිතයට අපෙන් සුබ පැතුම්!

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි