පෙට් ස්කෑනරය සමගින් සහජීවනයේ සොදුරුතම කතාන්දරය පවසන පින් බිම අපේක්ෂා රෝහල

21752418_284132132085776_5602062964595675420_n

සටහන: නිරාශා පියවදනි පින්නවල 

එළඹෙන ජනවාරි 25වන දා පෙට් ස්කෑනරය ශ්‍රී ලංකාවට 

අදුරට සාප කිරීමට කාලය නාස්ති නොකළ ඔහු අදිටන් කරගත්තේ  අදුර නසන්නට එක පහනක් හෝ දැල්වීමටය..ඒ පහන් සිලේ දැලේලෙන් රටක් ආලෝකමත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි..

සිය ආදරණීය පුතණුවන්ගේ ජීවිතය උදුරා ගත්තද තවත් ජීවිත ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමෙන් වළකා ගැනීම ඔවුන්ගේ පැතුම විය.  අකාලයේ මිලිනව ගිය ඒ ආදරණීය පුතණුවන්  හමීඩ්ගේ සහ පියාණන් වූ මොහොමඩ්ගේ ඒකායන අරමුණ වූයේ කෙසේ හෝ පෙට් ස්කෑනරයක් මෙරටට ගෙන්වා ගැනීමයි. 

පෙට් ස්කෑනරය? කුමක්ද ඒ? පෙර දී තරමක් නුහුරු ඒ වදන මෙරට සුවහසක් ජනයා අතර ජනප්‍රිය වූයේද මේ උතුම් මෙහෙයුම නිසාමය.

26167027_1299359903503710_7590572200451796622_n

පිළිකා රෝගය සිරුර පුරා ඔඩු දුවා රෝගියාගේ තත්ත්වය උත්සන්න වනතුරු බලා නොසිට කල් යල් ඇතිව ප්‍රතිකාර කරමින් සුවදායී ආයුෂ සහිතව ජීවිතයක් බේරා ගැනීමට Positron Emission Tomography හෙවත් (PET) Scanner  තුළින් ලැබෙන්නේ අනගි පිටුවහලකි.

ඒ උතුම් මෙහෙයුම පිළිබදවත් ඒ  වටා රොද බැදගත් සුවහසක් උතුම් මිනිස් කැලකගේ දහදිය කදුලින් බිහි කර ගත් Fight Cancer Team පිළිබදවත් තවත් අටුවා ටීකා ටිප්පනි ඇවසි නැත. ඒ දහදිය කදුළුවල අභිමානවත් ප්‍රතිඵලය උදා කරමින් පෙට් ස්කෑනරය එළඹෙන ජනවාරි 25 වෙනි දින ලංකාවට සැපත් වීමට නියමිත බවට සටහන් තබන්නේ හදපිරි තුටිනි.

21752418_284132132085776_5602062964595675420_n

ඒ  පිිළිබද Fight Cancer Team නිර්මාතෘ මොහොමඩ් මහතා බොස්ටන් ලංකා හා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

“ශ්‍රී ලංකාවේ යල් පැන ගිය ටෙන්ඩර් ක්‍රමය නිසා තමයි මේ විදියට පෙට් ස්කෑනරය ලංකාවට පැමිණීම ප්‍රමාද වුණේ. මෙහෙයුමක අසීරුතම කාර්්‍යය වෙන්නෙ අවශ්‍ය මුදල සොයා ගැනීම. නමුත් මෙතනදි කියන්න ඉතා සතුටුයි අපේ පරිත්‍යාගශීලී  මහජනයා නිසා එය ඉක්මනින් සාර්ථක කර ගත හැකි වුණා. මහජනයා පිරිනැමූ ඒ මුදල අප රජයට පරිත්‍යාග කළා. නමුත් සිදු වුණේ කිසිසේත් නොසිතූ ප්‍රමාදයක්.

 ප්‍රමාදය පිළිබද රජයට  දොස් නගන්න බැහැ. කාලයක් පුරා පැවතගෙන එන ටෙන්ඩර් පටිපාටිය නිසා මෙතනදි රාජ්‍ය අංශයත් අසරණ වුණා. මේ යල් පැන ගිය ක්‍රමය වහා වෙනස් විය යුතුයි.

19396763_244586359373687_4445065790765334877_n

මෙම පෙට් ස්කෑනරය තාක්ෂණයෙන් ඉතා ඉහළයි. තවමත් රෝහල් කාර්්‍යය මණ්ඩලයේ නිළධාරීන් මෙය භාවිතා කිරීම සදහා පුහුණු කර නැහැ. ඔවුන් ඉතා හොදින් ඒ සදහා පුහුණු විය යුතුයි. නැත්නම් වැරදි ලෙස මෙම යන්ත්‍රය භාවිතා කිරීමට ගොස් වෙනත් අනතුරු වෙන්න ඉඩ තිබෙනවා.”

පෙට් ස්කෑනරයෙන් සිය මෙහෙයුම නවතා දැමීම FCT හි අභිලාශය නොවේ. ගෙවෙන සෑම තත්පරයකම  පිළිකාවෙන් විඩාබර රෝගීන්  සිත ගත  සැනසීමට පත් කළ හැකි සෑම අංගෝපාංගයකින්ම සපිරි පින්බර භූමියක් බවට මහරගම අපේක්ෂා රෝහල පත් කිරීම FCT හි මීළග වෑයමයි.

ලොවටම පිළිකාවක් වි ඇති  පිළිකා රෝගයෙන් ශ්‍රී ලංකාවෙ තුළ වාර්ෂිකව මියයන සංඛ්‍යාව ආසන්නතම වශයෙන් 15000ක් පමණ වන බැව් පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීරගේ මතයයි. 

වාර්ෂිකව පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක්‌ හඳුනා ගැනීමට මේ වන විට හැකිව තිබෙන බවද  විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරයි. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 25,515 ක්‌ ලියාපදිංචිව සිටි අතර 2014 වසරේදී එය 26,341 දක්‌වාද 2015 වසරේදී 28,474 දක්‌වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස්‌ ඇති බව ද වාර්තාවේ. 

රෝගය වේදනාබර බව සැබෑය. නමුත් ඒ විඩාබර ජීවිත සුවපත් කිරීමට මෙරට සෑම ජාතියකම දූ පුතුන් එකාවන්ව එක් රොක් වන හෙයින්ම එ් භූමිය පින්බරය.  මහරගම අපේක්ෂා රෝහල පවසන්නේ සහජීවනයේ අපේක්ෂාව මුදුන්පත් කිරීමට මං සලසන සොදුරුතම කතාන්තරයක් බැව් රහසක් නැත…