ජින්ජර් මෝටර් රථ අනතුරකට ලක් වෙයි

judith-white-ginger
දෙනියායේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙමින් සිටි ප්‍රසිද්ධ ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය අනතුරකට ලක්ව තිබේ.
මෝටර් රථය අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර එහි ගමන්ගත් ජින්ජර් ඇතුළු සිව් දෙනකු ඉන් තුවාල ලබා ඇති අතර ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
image_1514445584-c155b9184d
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන අතර එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වේ.
image_1514445596-f6d8503d95