Thespiyan drama festival

111

By: Palitha Abelal

කොළඹ සෞන්දරය කලා විශ්වවිද්‍යාලයීය නර්තන හා නාට්‍ය කලා පීඨයේ මුද්‍රා නාට්‍ය හා නර්තන අධ්‍යයන අංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘‘ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල’’ මේ මස විසිවනදා (20) සිට විසි හයවනදා (26) දක්වා විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙහිදී දිගු නාට්‍ය පහක්, කෙටි නාට්‍ය හයක් මෙන්ම බැලේ දර්ශන දෙකක් සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමටය නියමිතය.

1rt

වර්තමානය වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන් නාට්‍ය නිෂ්පාදන දිවයිනේ ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණ අතර වැදගත් තැනක් හිමිකොටගෙන ඇත. අංකුර කලාකරුවන්ට මනා පිටුවහලක් වන්න වූ ජාතික නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙලයන් හිදී අවසන් වසර කීපය තුළ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මාන හා නිර්දේශයන් ද රාජ්‍ය නාට්‍ය උළෙලේදී දිගු නාට්‍ය, විශිෂ්ඨ නිර්මාණ සඳහා නිර්දේශ වී සම්මාන දිනා ඇත. විශ්වවිද්‍යාලයක් වශයෙන් තම අභිමුඛ පර්යේෂණ කටයුතුවල නියැලෙමින් ලෝක නාට්‍ය කලාවේ සම්භාව්‍ය නිර්මාණ හා විද්‍යාර්ථයින්ගේ ඥාණ ගවේශණය මඟින් නිර්මාණය කරනු ලබන ස්වතන්ත්‍ර නිර්මාණ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ ආයතනයක් ලෙස සුවිශේෂී ස්ථානයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලබා සිටී. ඒ වෙනුවෙන් ශිල්ප ඥාණනය කරනු ලබන විද්‍යාර්ථින් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල සිදුකරණු ලබයි.

_MG_2416-Edit copy56

20 වනදින මුහුරත් උළෙල මෙන්ම සමාරම්භක උළෙල පැවැතිවෙන අතර, 21 වන දින ධනුෂිකා දිසානායකගේ ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’ නාට්‍යය, 22 වන දින සවස 3.30ට එච්. එස්. එස්. මධුරංගගේ ‘‘පිනෝකියෝ’’, භානු සුදාරකගේ ‘‘pyar’’, කේ. සී. උක්වත්තගේ උතුරුකුරු දිවයින යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ එදිනම සවස 6.30 ට මුද්‍රා නාට්‍යයක් වේදිකා ගතවේ. 23 වන දින සවස 6.30ට කසුන් උක්වත්තගේ ‘‘හිරු නොදුටු මිනිස්සු’’ නාට්‍යද, 24 වන දින සවස 3.30ට ‘‘funaral’’, කසුන් තාරකගේ ‘‘future’’ සහ ධනුෂිකා දිසානායකගේ ‘‘ඉන්නෙක් ඇය සහ මම’’ යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ සවස 6.30 ට ‘‘X- නගරය’’ යන නාට්‍ය වේදිකා ගතවේ. 25 වන දින ආර්.එම්. උෂාන් පෙරේරගේ ‘‘මායාබන්ධන’’ (The Crusibal) සහ 26 වන දින රංග මනුප‍්‍රියගේ ‘‘ප‍්‍රපාතය ළග වනස්පතිය’’ නාට්‍ය වේදිකා ගතවේ.

dsdsd iii rt we111 2323