රජය විසින් රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්, රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා – රනිල් වික්‍රමසිංහ

ranil-wickramasinghe 2

ශ්‍රී ලංකන් ගුවන්සේවය ඩොලර් කෝටි 74ක් ණය අරන් තිබේන බවත්රජය විසින් රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්රටකට එහි විපාක විඳීමට සිදු වෙන බවත් මේ වනවිට යම් මුදල් පාලනයක් ඇතිකරගෙන තිබෙන බවද  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (13) පාර්ලිමේන්තු සංකීරණයේ  පැවැති 2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවෙමින් සහ කාර්යසාධනය පිළිබඳව සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට සහභාගීවෙමිනි.

එහිදි වැඩිදුරටත් අගමැතිවරයා මෙසේ ද කිවේය.

පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්යය තුනක් තිබෙනවා. එකක් නීති සම්පාදනයවිධායකයට විශ්වාසය පළ කිරීම සහ මූල්‍ය පාලනය කිරීම. මුදල් පාලනය කරන්නේ මේ කොමිටි මාර්ගයෙන්. රජයේ මුදල් පාලනය අමතක කරනවානම් රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා.

එදා පාර්ලිමේන්තුවේ මුදල් පාලනය අඩු වුණා. රට පසුගිය වසර පහ හය තුළ කඩා වැටුණා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් බලය යළි තහවුරු කරනවා කියල අප ප්‍රකාශ කළා.

මුදල් නීත්‍යාණූකූලව වියදම් කිරීම යහපාලනයේ කොටසක්. වර්තමානයේ එය පාලනය කිරීම අපේ කොටසක්. අප දකිනවා සමහර ව්‍යාපෘතිවලට ගෙවා තියෙන මුදල තුන්ගුණයක් විතර වටිනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය ණය අරන් තියෙනවාතියෙන ණය මුදල ඩොලර් කෝටි 74ක්.කෝටි 40ක් ජාතික බැංකුවලට අයිතියි. කිසිම මුදල් පාලනයක් නෑ.

රාජ්‍ය මුදල් කාරක සභාවක් ඇති කළාපාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය ආරම්භ කරනවා. යම් කිසි මුදල් පාලනයක් ඇතිකරගෙන යන්නේ.ඉදිරි වසර දෙකෙ දී එය සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වසර 2020වනවිට ණය බර අඩු කරලාධනභාවය වැඩිකරගන්න පුළුවන්. මේ ණය ඊළඟ පරම්පරාවට ගෙවන්න දෙන්න බෑ. ඒ පව් අප ගෙවා දමමු. මේ ප්‍රශ්නයට යහපාලනය අත ගැසුවා. අප විසඳුමක් සොයා යනවා යැයි ද අග්‍රමාත්‍යවරයා පැවසී ය.