ලබන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මන්තී‍්‍රවරුන් විශේෂ පරික්ෂාවකට

sri_lanka_parliament
ලබන වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බ‍්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. 
ඊට පෙර දින  පාර්ලිමේන්තුවේ සියළු කාමර ,මන්තී‍්‍රවරුන්ගේ ඇඳ කාමර,ආදිය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය. 
 
අය වැය ඉදිරිපත් කරන දින මහජන ගැලරිය සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර ඊට ඇතුල් විය හැක්කේ විශේෂ ආරිධිත අමුත්තන්ට පමණි. 
එම සියලූම ආරාධිතයින් පස්වරු 2 පමණ වන විට පාර්ලිමේන්තුවට පැමිණීය යුතු අතර ඔවුන්ගේ වාහන පාර්ලිමේන්තුවට ඇතුල් කිරීමට හැකියාවක් නොමැත. 
අමුත්තන්ගේ ගමන් පහසුව සඳහා පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුමේ සිට විශේෂ රථ වාහන සැළැස්මක් කි‍්‍ර‍්‍රයාත්මක කිරීමටද නියමිතය. 
ඊට අමතරව එදින පාර්ලිමේන්තුවේ රථගාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර මන්තී‍්‍රවරුන්ගේ සියලූ වාහන ජයන්තිපුර රථගාල වෙත යැවිය යුතුය. 
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු විසින්ම පදවා ගෙන එන වාහන අදාල මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට ඇතුළූ වූ පසු පාර්ලිමේන්තු රියදුරන් විසින් එම වාහන ජයන්තිපුර රථගාල වෙත ගෙන යාමට නියමිතය. 
 
එදින පස්වරු 3ට පමණ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය කතාව ආරම්භ කිරීමට නියමිත අතර ඔහු අමාත්‍ය්‍යධූරයට පත්වූ පසු ඉදිරිපත් කරන පළමු අයවැය කතාව මෙය වීමද විශේෂත්වයකි. 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද එදින පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.