චූටි මැණිකේ කියන්නේ ඇත්තටම මම නෙවෙයි – ශලිනි ප්‍රනාන්දු

22429818_206833443190103_4564164090787790848_n

සංඛ රඹුක්වැල්ල

පාසල් යන වයසේ සිටම ජනප්‍රියම තරුවක් වීමට ලැබීම අහම්බයක් පදනම් වූ වාසනාවකි.එසේ වාසනාවන්ත වූවෝ බොහෝමයක් නොමැති වුවද අතලොස්සක් අතර ඈ ඉදිරියෙන්ම සිටිති.නමින් ඈ ශලිනි ප්‍රනාන්දු ය.එහෙත් එනමින් ඈ දන්නා අයට වඩා දෙවෙනි ඉනිමේ “චූටි මැණිකේ” යන නමින් ඈ දන්නා ප්‍රමාණය අතිමහත් ය.අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙන්නේ දෙරණ අවුරුදු කුමරිය වී දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ වූ  ශලිනි ප්‍රනාන්දු සමඟය.

කොහොමද ශලිනි,මොනවද අලුත් විස්තර ?

හොඳින් ඉන්නවා.දෙවෙනි ඉනිමේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා.ඊට අමතරව මම 2018 වසරේ මගේ ලන්ඩන් ඒ ලෙවෙල් විභාගයට ලෑස්ති වෙනවා.

ඔබ කොහොමද ක්ෂේත්‍රයට පැමිණෙන්නේ ?

ඇත්තටම මගේ පුංචි නිසයි මම ක්ෂේත්‍රයට එන්නේ.2017 දෙරණ අවුරුදු කුමරිය තරඟයට මම අයැදුම් කරන්නේ මගේ පුංචිගේ කැමැත්තට අනූව.ඊට පස්සේ මම දෙරණ අවුරුදු කුමරිය වෙනවා.ඒ තරඟයට සහභාගී වුණ හය දෙනෙක්ට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා.මමත් ඒකට සහභාගී වෙනවා.හරියටම ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් සති දෙකකට පස්සේ දෙවෙනි ඉනිම විධායක නිෂ්පාදක චරිත් කොතලාව මහත්මයා මට කියනවා මාව දෙවෙනි ඉනිම සඳහා ‍තෝරාගත්තා කියලා.එහෙම තමයි මම දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ.

21879289_136749526945655_7804939403515658240_n

දැන් එතකොට ඔබ රංගනය ගැන හදාරලාද එන්නේ එහෙමත් නැත්නම් අවුරුදු කුමරිය වීම ම ද එකම සුදුසුකම රංගනයට යොමුවෙන්න ?

ඇත්තටම නැහැ.මම රංගනය ගැන කිසිම දෙයක් හදාරලා නෑ.මම තවම උසස් පෙළ කරනවා.මම හීනෙන් වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි රංගනයට යොමුවීම.ඉතින් ඒ නිසා ඒ ගැන හදාරන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ.හැබැයි අනිවාර්යයෙන්ම මම ඉදිරියේදි රංගනය ගැන හැදෑරීමට බලාපොරොත්තුවෙනවා. අවුරුදු කුමරිය වීම ම සුදුසුකමක් වෙන්නේ නෑ කොහොමටත් රංගනයට.

22429818_206833443190103_4564164090787790848_n

උසස් පෙළ විභාගයෙන් පස්සේ මොකද කරන්නේ දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවද ?

රංගනය පැත්තෙන් ඉදිරියට යන්න කැමති ඇත්තටම.ඒත් එක්කම මගේ හීනයක් තියෙනවා ෆැෂන් ඩිසයිනින්ග් පැත්තෙන් ඉගෙනගන්න.ඉතින් මම කැමති මේ දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න.

රංගන ක්ෂේත්‍රය ගැහැණු ළමයෙක්ට කොයිතරම් අභියෝගයක් ද ?

මගේ ඇත්තම අදහස ඕනම ක්ෂේත්‍රයක් අභියෝගයක්.අභියෝග නැති කිසිම ක්ෂේත්‍රයක් නෑ.ඇත්තටම ඔය ප්‍රශ්නය අහන්න ඕන මගේ අම්මගෙනුයි අයියගෙනුයි.මොකද ඒ දෙන්නා තමයි මට වඩා මට ගොඩක් ළඟින් ඉඳලා හොඳ නරක කියලා දෙන්නේ.ඇත්තටම එයලා මම දකිනවට වඩා පරාසයක් දකිනවා.ඒ කොහොම වුණත් තමන්ට තමන්ව බලාගන්න පුලුවන් වෙන්න ඕන කියලා මම විස්වාස කරනවා.

37325106194_92c70b63e3_o21479913_1598885973519253_7351470344017805312_n

ගොඩක් අය අහන දෙයක් තමයි “චූටි මැණිකේ” ඇතුළේ ඇත්තටම ඉන්නේ ශලිනි ද කියලා ?

චූටි මැණිකේ කියන්නේ ඇත්තටම මම නෙවෙයි.මම ටිකක් කටකාර චරිතයක් ,ම්ම්ම් (සිනා) නෑ නෑ ටිකක් නෙවෙයි සෑහෙන්න කටකාරයි .කට්ටිය මාත් එක්ක එකතුවෙනකම් මම ගොඩක් සයිලන්ට්.කට්ටිය මාත් එක්ක යාලුවෙන්නේ කොතනද එතන ඉදලා මම සෑහෙන්න කටකාරයි.ඒ චරිතේ තියෙන එකම සමානකම තමයි චූටි දේටත් හිත රිද්දගන්න එක.පොඩි දෙයකට වුණත් මගේ හිත ඉක්මනට රිදෙනවා.පොඩ්ඩක් කෑ ගැහුවත් ඇති ඉතින් මට කඳුළු පෙරාගෙන අඬන්න.හැබැයි මම ආසයි ඒ චරිතේ ජීවත් වෙන්න.මම නොවෙන චරිතයක්  ප්‍රතිනිර්මාණය කරන්න මම ආසයි.

21479926_1400446403364733_7005462375583186944_n

ඒ කියන්නේ ශලිනි සිනමාවට අවතීර්ණ වෙන්න මඟ බලාගෙන ඉන්නේ එහෙමද ?

ඔව් ඇත්තටම.ඒකෙදිත් මම අර කලින් කීවා වගේ කියන්නේ මම ආසයි මගේ හැබෑ ජීවිතයට පොඩ්ඩක්වත් සමීප නැති චරිත කරන්න.මම ඇත්තටම ආසයි වෙනස් දේවල් කරන්න.

srilankanmodelsfb_59f73dbe4e1ff (1)

අවසාන වශයෙන් විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් අම්මා සහ අයියා ඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට.මගේ පුංචිට. ඒ වගේම මගේ ගුරුවරුන්ට සහ දෙරණ ටීවී ආයතනයේ සියලුම දෙනාට හා විධායක නිෂ්පාදක චරිත් කොතලාවල මහතාට ඒ වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමාට ඇතුළු සියලුම දෙනාට වගේම මගෙත් එක්ක ඉන්න රසික රසිකාවියන්ටත් ගොඩාක් ස්තූතියි කියලා කියන්න කැමතී