ඔව් මම ආදරවන්තියක්

image4
By Sanka Rambukwella
විදුශි උත්තරා කුඩා කාලයේ ඉඳලම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් ඇයව බහුතරයක් ප්‍රේක්ෂකයෝ හඳුනාගන්නේ දෙවෙනි ඉනිමේ මල්කි විදිහට.වර්තමානයේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙනි ඉනිමේ මල්කි අද බොස්ටන් ලංකා හා කතා බහට එකතුවෙනවා.
මල්කි කියන්නද විදුශි කියන්නද ?
ඒ දෙකෙන් මොකක් කීවත් කමක් නෑ (සිනා)
කොහොමද ඔබ මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ ?
මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ පොඩි කාලේ. පාසල් අවධියේ.ඒ කාලේ රූපවාහිනි සංස්ථාවෙන් පාසලට පැමිණිලා ළමා ඒකකයට ළමයින්ව ‍තෝරාගත්තා. ඒ ‍තෝරාගත්ත අය අතර මමත් හිටියා.ඉතින් ඒක තමයි මගේ පටන්ගැන්ම.ඊට පස්සේ තව ටෙලිනාට්‍යකත් රඟපෑවා.ඉතින් ඒ විදිහට තමයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ.
image6
ඔබ මුලින්ම කැමරාව ඉදිරියට ආව දවසේ ඔබට තිබුණ බලාපොරොත්තුමද අදටත් තියෙන්නේ ?
 නෑ .මම ඒ කාලේ කැමරාව ඉස්සරහට එද්දි කවදාහරි රංගන ශිල්පිණියක් වෙනවා කියලා බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.ඒත් ගෙදර කලාවට හුරු පරිසරයක් ඒ දවස් වල ඉඳලා තිබුණා.හැබැයි අද වෙනකොට මම වෘත්තීයමට්ටමේ රංගන ශිල්පිනියක්.ඒ එක්කම මගේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා.
වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වීම සඳහා ඔබ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න සූදානම් ද ?
ඔව් ඇත්තටම.මොකද රංගනයේ සෑහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනවා. එහෙම ඉගෙන නොගෙන ඉදිරියට යාම තුළ පැවැත්මක් නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩී.
image5
ඔබ හිතනවාද වර්තමානයේ තාක්ෂණයත් එක්ක ඉන්න රසිකයාගේ රසවින්දනයේ ප්‍රමාණය පිළිබඳ රංගන ශිල්පියා හෝ ශිල්පිණිය ට අවබෝධයක් තිබිය යුතුයි කියලා ?
ඔව් එහෙම හිතන්න පුළුවන් නේද ? රංගනය කියන්නෙම අපි ජීවත් වෙන සමාජය නැවත ප්‍රතිනිර්මාණය කිරීම. ඉතින් අපි ජීවත්වෙන සමාජයෙන් විතැන් වෙලා අපිට බෑ දෙයක් ප්‍රතිනිර්මාණය කරන්න.හොද අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගෙන තරමට සාර්ථකයි කියලා මම විස්වාස කරනවා.
ඇත්තද දෙවෙනි ඉනිමේ ඉන්න තරුණියන්ගෙන් වඩාත්ම පිරිමි ළමුන්ගේ ආකර්ෂණය දිනාගත්ත රංගන ශිල්පිනිය ඔබ කියලා කියන කතාව ?
(සිනා ) එහෙමත් කියනවද ?? මම අදමයි ඇහුවේ. ඒක ඇත්තනම් ඉතින් ගොඩක් සතු‍ටුයි ඒ ගැන.
image2 image3
මල්කි ධනුක ආදර කතාව වගේම විදුෂිගේ ආදර කතාව ලියවිලා තියෙන්නේ කාත් එක්කද ?
දැන්ම ඒ ගැන නොකියා ඉමු නේද ? හැබැයි මම ආදරවන්තියක්
විශේෂයෙන් ස්තූති කරන්න ඕන අය කවුද ?
අම්මට,තාත්තට සහ පවුලේ හැමෝටම.දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂකතුමාට සහ ප්‍රභාත් අයියට.ඊට අමතරව මගේ ආදරණීය රසිකයන්ට