මැතිවරණ වියදම් පාලනයට නීති සම්පාදනය කිරීමේ සැලැස්මක්

Mahinda-Samarasinghe
මැතිවරණ වියදම් පාලනයට නීති සම්පාදනයට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැතිවරණ වියදම් අවම කිරීමේ අරමුණ මුලික කර ගනිමින් සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
යම් ඡන්ද විමසීමක දී යම් පක්ෂයක් හෝ අපේක්ෂයෙකු ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතා කැමැත්තට යම් සැළකිය හැකි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඒ සඳහා මෙම තීරණය ගනු ලැබූ බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව අමාත්‍යවරයා පැවසීය.