වහාම තනතුරින් ඉල්ලා අස්වී ගෞරවාන්විතව ගෙදර යන්න – මැ.කො.මහින්ද දේශප‍්‍රිය

Mahinda.Deshapriya.000
ආණ්ඩුව මැතිවරණ පැවැත්විමට ඉඩ නොදෙන්නේ නම් එ්බව රට හමුවේ ප‍්‍රකාශ කර සත්‍යවාදී බව තහවුරු කොට වහාම තනතුරින් ඉල්ලා අස්වී ගෞරවාන්විත මිනිසෙකු ලෙස ගෙදර යන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අභියෝග කරන බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මැතිඳුන් කියන අන්දමට ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට තීරණය කරන තුරු කොමිසමට කල හැකි දෙයක් නැත්නම් කොමිසම හා කොමිෂමේ සභාපතිවරයා වැනි අය මහජන මුදලින් නඩත්තු කරන්නේ කුමටදැයි එම නිවේදනයෙන් ප‍්‍රශ්න කර ඇත.
 
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටීම තමන්ට ද මහා ප‍්‍රශ්නයක්ව ඇති බව කියන්නට මැතිවරණ කොමිසමේ බලධාරියා ගන්නා උත්සාහය තම තනතුර රැක ගැනීමට කරන රංගනයක් මිස සත්‍ය නොවන බව ජනතාව මේ වන විට තේරුම් ගෙන ඇති බැවින් ‘මට කියන්නේ ගිනි තියාගන්නද’ වැනි අතිශය බොළඳ, භාවතිෂ ප‍්‍රකාශ නිකුත් කිරීමද ආණ්ඩුවේ සැලසුමේ ම දෙබස් බව ජනතාවහොදින්ම දන්නා බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් යැයි කියන්නේ එළැඹෙන වසරේ දෙසැම්බර් මාසය වන තෙක් මැතිවරණ නොපැවතුනහොත් බව කියන ප‍්‍ර‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මැතිවරණ නැතැයි නාහෙන් හඩමින් කොමිෂමේ නිල කාලය අවසන් වන එළැඹෙන දෙසාම්බරය දක්වා තනතුරේ රැුදි සිටීමට බවත් එම නිවේදනයෙන් කියැවෙයි.
 
ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී , නිර්ලජ්ජිත. බල ලෝභී ක‍්‍රියාදාමයේ කොටස් කරුවෙකු යැයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට චෝදනා කර ඇති එම නිවේදනයේ් ජනාධිපතිවරණය සමයේ ඡුන්ද නාමලේඛණය කඩි මුඩියේ ප‍්‍රකාශයට පත් කිරීම, මැතිවරණ අක‍්‍රමිකතා සිදුවිය හැකි බවට එකළ ඔහු කළ ඉඟි ආදියෙන් දැක්වූ සේවය වෙනුවෙන් සන්තෝෂම ලෙස ලැබි ඇත්තේ විශ‍්‍රාම වයස පසු කළ වහාම ඊනියා ස්වාධින මැතිවරණ කොමිෂම ස්ථාපිත කර එහි සභාපතිවරයා ලෙස පත් කිරිම යැයිද වැඩි දුරටත් සදහන් කර ඇත.