ජපාන සිනමා උලෙල 22 -24 දක්වා

21740371_10208157561737075_1227032342169207017_n
ලෝක සිනමාවේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ජපන් සිනමාව රස විදින්නට රිසි සැමට මෙය අනගි ආරංචියක් වනු ඇති බව නොඅනුමානයි.
 
මෙරට ජපාන තානාපති කාර්්‍යාලය‍ේ මූලිකත්වයෙන් සංවිධානය කරන මෙම උළෙල ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ Ship for World Youth Alumni Association සහයෝගීතාවෙන් පවත්වනු ලබයි.මේ වන විටත් ජාතික චිත්‍රපට සංස්ථා ශාලාවේදී තිරගත වන මෙම සිනමා උළෙල සදහා සම්මානනීය ජපාන සිනමා කෘති කිහිපයක් ඇතුළත්ව ඇත.