අලුත් පක්ෂයක් හදනවානම් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත් වන්න – මහින්ද අමරවීර

Mahainda A

අලුත් දේශපාලන පක්ෂයක් හදනවා නම් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සිටින එකී වුවමනාව ඇති පිරිස නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත්විය යුතු බව  ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

දික්ඹ්විට ධිවර වරායේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්  අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව පැවැසූ ඇමැතිවරයා සියලු දෙනා පක්ෂයේ තබා ගන්නවා මිස කිසිවකු ඉවත් කිරීමට අදහසක් නැති නමුත් වෙනත් පක්ෂ හදන අය අයින් කරන්නට සිදුවන බවද පැවැසීය.