පාස්කරලිංගම් කළ මූල්‍ය වංචා පිළිබද ක්‍රියාමාර්ග ගන්නවා – බන්දුල ගුණවර්ධන

Bandula-Gunaewardena
වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථීක උපදේශක පාස්කරලිංගම් මහතා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් රහස්‍ය වියදම් වශයෙන් වව්චර වල සදහන් කර මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අධීකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. 
 
එසේම හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකු වන පාස්කරලිංගම් මහතාත් දෙදෙනාම රාජ්‍ය නිලධාරීන් බැවින් මොවුන් දෙදෙනාට දෙයාකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ අවධානයට ලක්කරන බවද එ් මහතා පැවසීය. 
පාස්කරලිංගම් මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමයේ රහස්‍ය වියදම් ලෙස සදහන් කර මුදල් ලබා ගෙන ඇතිබවට තිබෙන සාක්ෂි එ්කාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ට ද ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවද එ් මහතා කීවේය. 
 
මෙලෙස රහස්‍ය වියදම් ලෙස මුදල් 1989.08.09, 1989.08.15, 1989.11.01, 1989.11.30, 1989.12.13,1990.01.08,1990.02.20,1990.03.02,1990.03.21,1990.04.19,1990.04.20,1990.06.06,1990.06.08,1990.11.05 යන දිනවල මෙම නිකුත්් වන නිකුත් කළ වව්චර් මගින් මිලියන පහ බැගින් මිලියන 125ක් මුදල් ගෙන ඇති අතර එම මුදල් කොටින්ට දුන් බව කියමින් එකල ආරක්ෂක ඇමැතිවරයා වූ ලලිත් ඇතුලත්මුදලි ආණ්ඩුවෙන් ඉල්ල අස් වූ බවද එ් මහතා සදහන් කරයි. 
මෙම සිද්ධිය මුල් කරගනිමින් ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පවා පාර්ලිමේන්තුවට ගෙන ආ බව ද එ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.