පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ඇති ආගමික සහ සංස්කෘතික බාධක

sex education

ඇරෝ (http://arrow.org.my) සංවිධානය මගින් Coming of Age in the Classroom: පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ඇති ආගමික සහ සංස්කෘතික බාධක නමින් නිකුත් කළ ඇති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවට උගත හකි පාඩම් ගණනාවක් ඇතුළත් වේ.

දැනට බිලියන 1.8ක් වන ලෝක තරුණ ප්‍රජාව ලෝකයේ නව නිෂ්පාදන සහ දැනුම නිපදවීම සදහා අතිශය වැදගත් වන අතර ඒ පිරිසට වයසට සරිලන සහ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය නොලැබී යාම හේතුවෙන් සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීමට ඔවුන්ට අපහසු වන බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.

උදාහරණ ලෙස ගෝලීය මට්ටමෙන් ඒඩ්ස් ආශ්‍රිත මරණ අඩුවෙමින් පැවතියද තරුණ ප්‍රජාව එච්අයිවී සදහා වැඩි අවදානමක් සහිත වීම, ඇස්තමේන්තු අනුව මිලියන 100ත් 140ත් අතර ගහුණු දරුවන් ප්‍රමාණයක් කිසියම් ආකාරයක ස්ත්‍රී චර්මඡේදනයකට ලක් වී ඇති බව සහ  සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන වසය අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන් 20000ත් පමණ දිනපතාම  දරුවන් බිහි කරන බව මෙම වර්තාව දක්වයි.

එම නිසා ලිංගික ජීවිතය පිළිබද ප්‍රමාණවත් සූදානමක් ඇති කර ගැනීම සැමට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ළගා කර ගැනීමේ කේන්ද්‍රීය සාධකයකි.

සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීම සදහා අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේදී පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. ජාත්‍යන්තර මාපියභාවය පිළිබද සම්මේලනය ඉදිරිපත් කර ඇති වැඩ රාමුව අනුව පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය තුළ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්අයිවී, ලිංගික පුරවැසිභාවය, ලිංගික තෘප්තිය, හිංසනය, විවිධත්වය සහ සම්බන්ධතා යන තේමා 07ක් ඇතුළත් වේ.

පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපන ක්‍රමානුකූල විෂයමාලාවක් ලෙස සංකල්පගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා පවතී. පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් තුළ ආයතන ගත කිරීම නියත වශයෙන් මතු වන අභියෝගකි. උදාහරණය වශයෙන් නිලධාරීවාදය, අමාත්‍යංශ අතර තීරණ ගැනීම සහ සම්බන්ධීකරණය ආදිය කාර්යක්ෂම ලෙස විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට බධා එල්ල කළ හැකි බව මෙම වාර්තාවේ දැක්වේ. එමෙන්ම නිවැරදි තොරතුරු සහ සුදුසු ශික්ෂණයක් සහිතව මෙම විෂමාලා නිර්මාණය කිරීමද ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට අභියෝගයක් වනු ඇත.

මෙහි ඇතුළත් වන නිර්දේශ ලුහුඩින් පහත දැක්වේ.

  1. විෂය මාලාව පිළිබද දැනුම සහ හිමිකම් පාසල වෙත ලබා දීම. විෂය මාලාව නිර්මාණය කිරීමේදී විවිධ පාර්ශව කරුවන් හවුල් කර ගැනීම.
  2. ලිංගිකත්වය සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද පවතින ආගමික සහ සමාජ-සංස්කෘතික ප්‍රතිමාන පිළිබද කතිකාවක් ගොඩනැංවීම සදහා අවශ්‍ය භාෂාව ගොඩ නැගීම.
  3. පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම සදහා ගුරුවරුන් පුහුණු කිරීම.
  4. ස්ත්‍රීන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබද ප්‍රගතශීලී අර්තකතන ඉදිරිපත් කිරීම සදහා ආගමික ලියවිලි පිළිබද අධ්‍යයන ආරම්භ කිරීම.
 
සම්පූර්ණ වාර්තාව සදහා මෙතනින් පිවිසෙන්න