සිල්රෙදි බෙදාදීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

Lalith Anusha
කුත් ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි හැටක සිල්රෙදි බෙදාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහත්වරුන් සම්බන්ධයෙන් මහහාධීකරණය දුන් තීන්දුවට එරෙහි අභියාචනා පෙත්සමක් ඊයේ (11) අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත. 
කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිබූ සිල්රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ තින්දුව පසුගිය 07 වැනිදා ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී ලලිත් වීරතුංග මහතාට සහ අනූෂ පැල්පිට මහතාට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් හා ලක්ෂ විස්ස බැඟින් වූ දඩයක් නියම කෙරිණි.
මෙම අභියාචනා පෙත්සම ගොනු කිරීමත් සමඟ අභියාචනාධිකරණ පෙත්සම විභාග කරන තුරු මොවුන්ට ඇප ඉල්ලා සිටීමේ අවස්ථාව හිමිවන හෙයින් අභියාචනය විභාග කරන තෙක් ඇප ලබා දෙන ලෙස වූ ඉල්ලීමක්ද ඊයේ නිතිඥවරු විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ. 
ඇප ඉල්ලීම තහවුරු කිරීම සදහා හෙට දිනයේ මහාධිකරණය හමුවේ කරුණ ඉදිරිපත් කිරීමටද නීතීඥවරුන් අදහස් කර තිබේ.