විදුලි කොටන හාද්ද – The Kiss of Life

Electricity
1967 ජූලි මාසයේ 26 විදියේ බටහිර පැත්තට වෙන්න විදුලි රැහැන් අලුත්වැඩියාවක සේවකයන් දෙදෙනකු නිරත වෙලා ඉදියා.. Randall G. Champion කියන කාර්මික ශිල්පිය ඉහළ සිට රැහැන් අලුත් වැඩියාවක නිතර වෙලා ඉද්දී ඔහු නොසිතන දෙයකට මුහුණ දෙන්න සිදු වුනා ඒ මද බලයක් ඇති විදුලි රැහැනක ඔහු දැවටෙනවා.. ඔහුට එහිදි විදුලි සැර වැදිනවා…..
 
ඔහුගේ ජිවිතේ වාසනාවකට ඔහු ආරක්ෂිත රැහැන් වලින් විදුලි කණුවට සම්බන්ධ වෙලා ඉදියේ.. ඒ නිසා ඔහුව ඉවතට විසි වෙන එකෙන් බේරෙනවා… 
 
ඔහුට සිහිය නැතිව කම්පනයට පත් වෙනවා. ඔහුගේ අනිත් සගය පහළ තිබුනු විදුලි රැහැන් වල අලුත් වැඩියාවකයි සිටියේ.. ඔහු නමින් J.D. Thompson ඔහු දකිනවා ඔහුගේ සගයට සිදු වුනු දේ.. ආරක්ෂිත රැහැන් වලින් එල්ලෙමින් සිටි චැම්පියන් ලගට ඔහු ගොස් ඔහුට සිදු වී ඇති අනතුර පරික්ෂා කරනවා. ඔහුගේ ශ්වසනය අක්‍රමවත් වෙලා.. වහාම ප්‍රථමාධාර දෙන්න තොම්සන් ක්‍රියාකරනවා.. ඔහු චැම්පියන් ට කෘත්‍රිම ස්වනවය ලබා දෙන්නේ ඒ විදිහටයි.

Rocco Morabito මේ අවස්ථාවේ දී වාහනයකින් ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටියා.. ඔහු මේ සිදුවීම ගැන පැවසුවේ මේ විදිහටයි.

“මම මේ සිදුවිම වෙන තැන පහු කරමින් යමින් යදියේ මගේ වැඩ වගයකට. එතකොට මට ඇහුනා කෑගහන හඩක්. මම එතකොට උඩ බැලුවා මම දැක්කා මේ මනුස්සයා එල්ලීලා ඉන්නවා.මට දෙවියන් සිහි වුනා. මට කළ හැකි දෙයක් හිතා ගන්න බැරි වුනා. මම ඒ වෙලාවෙම තමා මේ ඡායාරූප කිහිපය ගත්තේ J.D. Thompson ඔහු ළගට වයර් වලින් එල්ලීගෙන යනවා මං දැක්කා.. මම ආයෙත් මගේ කාර් එක ළගට ගිහින් ගිලන් රථයකට කතා කරා. මම දැක්කා ඔහු ඔහුගේ සගයාට කෘත්‍රිම ස්වසනය දෙනවා. ඒ වෙලාවේ මම තවත් ඡායාරූපයක් ගත්තා. මට ගෙදර යන්න කිසිම උවමනාවක් ඇති වුනේ නෑ. මම දැක්කා තොම්සන් නිසා චැම්පියන් හුස්ම ගන්නවා..”

Rocco Morabito ලබා ගත් කෘත්‍රිම ශ්වසනය දෙන ඡායාරූපයට The Kiss of Life නමින් නම් තැබීය. එය 1968 වර්ෂයේ දි Pulitzer Prize සම්මානයෙන් පිදුම් ලැබිය. මේ ඡායාරූපය එදා ලෝකය පුරාමත් ඇමෙරිකාව පුරාමත් විශාල අවධානයක් ලබා ගත් ඡායාරූපයක් වුනා. J.D. Thompson ගේ වීර ක්‍රියාව හමුවේ Champion තවත් අවුරුදු 35ක කාලයක් ජිවත් වෙන්න හැකියාව ලැබුනා.ඔහු 2002 වසරේ දී මිය ගියා ඔහු මිය යන විට අවුරුදු 64ක්. Thompson අදටත් ජිවතුන් අතරයි.. මේ අපුරු සිදුවීම ඉතින් ඡායාරූපයට නැගුනේ ඔය විදිහටයි.

| දිලීප සංජය රණවක