යෝෂිත රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාශයට

yoshitha-rajapaksa-in-court-415x260
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) උදේ 10 ට මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ඇත. 
ගල්කිස්ස ප‍්‍රදේශයේ ඉඩම් මිලදී දෙකක් මිලදී ගෙන එක් එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවීම සම්බන්ධයෙන්ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා එ් මහතා අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. 
 
ගල්කිස්ස මිහිදු මාවතේ පර්චස් 31ක ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන කෙකටිය පෙදෙසේ පර්චස් 31.5 ඉඩමක් මිලදී ගෙන තෙමහල් නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවිම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.