චතුරිකා ගමගේ

FB_IMG_1504706854549 (1)

මේ දිනවල රූපවාහිනියේ නිතර දකින්නට ලැබෙන හුරු පුරුදු මුහුණක් සමගිනුයි බොස්ටන් ලංකා අපි අද කතා කරන්නේ. ඇය නමින් චතුරිකා ගමගේ යි.

චතුරිකා ඉතින් මේ දවස් වල මොකද කරන්නේ?

මේ දවස් වල සිරස tv මගින් විකාශනය කරන කියන්න වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. Events වලට සහභාගී වෙනවා.social works කරනවා. ඒ දේවල් තමයි.

FB_IMG_1504706753936 (1)

කුඩා කාලයේ දැකපු හීනයක්ද මේ සැබෑ වෙමින් පවතින්නේ?

ඔව් ඇත්තෙන්ම. අවුරුදු 12 වෙද්දි මම රූපවාහිනී සංස්ථාවට අයදුම්පතක් යොමු කරන්නේ.මට tv එකේ සිංදුවක් කියන්න ආසාවෙන් හිටියේ. පොඩි කාලෙදි මම චිත්‍ර ඇදලා ශනිදා ආයුබෝවන් වැඩසටහනට යවනවා.

FB_IMG_1504706010167 (1)

ඔබ දායක වුන කලා නිර්මාණ මොනවාද?

මම මුලින්ම ඉන්දියානු චිත්‍රපටයක් වන බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ පොඩි චරිතයක් කලා. ඒක මීට අවුරුදු 3කට කලින් රන්මිණිතැන්නෙදි තමයි රූප ගත කලේ.tv commercials 50 ක් විතර දැනට කරලා තියෙනවා.තව වාර්තාමය වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ති‍‍ෙයනවා.

මුල්ම වතාවට කැමරාව ඉස්සරහට ගියාම ‍‍ෙමාකද හිතු‍ෙන්?

ජාතික රූපවාහිනියෙදි තමයි ඉස්සෙල්ලම මම ඒ අත්දැකීමට මුහුණ දෙන්නේ.එදා මම ගායනයක් ඉදිරිපත් කරනවා. එදා තමයි ම‍‍‍ෙග් දක්ෂතාවය හදුනගන්‍ෙන්. එදා මම ඒ අවස්තාවට බය නැතුව ඉදිරිපත් වුණා.

FB_IMG_1504705647724 (1)FB_IMG_1504706034134

ඔයා මේ දේවල් කරන්නේ රැකියාවක් විදියටද? නැතිනම් විනෝදාංශයක් විදියටද?

ඇත්තටම මේ කලා කටයුතු වලට සම්බන්ධ වෙනකොට මට වෙනත් වෘත්තියක නියැලෙන්න කාලය මදි.

FB_IMG_1504706384371

වර්තමානයේ ඹයා ඉන්න ආර්ථික තත්වය පිළිබද තෘප්තිමත්ද?

ඔව් ඇත්තෙන්ම.

අනාගත බලා‍පොරොත්තු මොනවද?

කලා කටයුතු වලට සම්බන්ධ වෙමින් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කර ගැනීම තමයි

By: Ruvini Kaushalya