පක්ෂයේ ස්වර්ණමය යුගය හදපු නායකයාට සංවත්සරයට ආරාධනා කරන්න මතක් වෙන්නේ අහම්බෙන් – මහින්ද රාජපක්ෂ

MR
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය හදපු නායකයාට පක්ෂ සංවත්සරයට ආරාධනා කරන්න කට්ටියට මතක් වෙන්නේ අහම්බෙන් වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
 
එ් මහතා මෙසේ පැවසුවේ රජ්ගම හලවස්සාගොඩ මහා මණඩලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර ලද හිටි පිළීම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට එක් වෙමිනී.
 
පක්ෂ සංවත්සරයට එන්නයි තමන්ට ආරාධනාව ලැබුනේ පසුගිය 31 වැනිදා යැයිද එ් මහතා පැවසීය. 
‘අපි වැඩ නැති මිනිස්සුද. රට පුරා හැම තැනකම මේ වෙනකොටත් උත්සව භාරගෙන තියෙන්නේ ’ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා එහිදී සදහන්කලේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මන්තී‍්‍රවරු 56ක් සමග භාරදුන් පක්ෂය මන්තී‍්‍ර 127ක් කර, පළාත් සභා සියල්ලත් ශී‍්‍රලනීපයට දිනා දුන්නේ තමන් යැයිද එ් මහතා කීවේය. 
 
පක්ෂයේ ශක්තිමත්ම යුගය අමතක කර දමා, පක්ෂය වෙනුවෙන් කැපවුනු අයට නොමිනේෂන්වත් දෙන්නේ නැතැයි කියන විට ජනතාව සමග දේශපාලනය කිරීමට සිදුවන බවද එ් මහතා කීවේය.