මට එල්ල කරන චෝදනා අසත්‍යයි

Palitha Ranga
නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් බවට ඇඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
2009 වසරේ සිදුකළ බව කියන මෙම වරදට අදාළව රංගේ බණ්ඩාර මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අතර එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ නඩුව සමතයකට පත් කිරීමට පැමිණිලිකරුවන් සූදානම් බවයි.
ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඇතැයි ද විත්තියේ නීතිඥවරයා පවසා සිටියේය.
එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකරුවන්ගෙන් එවැනි නියෝජනයක් ලැබී ඇති බවයි.
එහෙත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙහිදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පවසා සිටියේ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බැවින් තමන් අදාළ නඩුව විභාග කිරීමට තීරණය කරන බවයි.
ඒ අනුව අදාළ නඩු විභාගය ලබන 25 වන දින දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ කරන ලදී.