ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ අගමැතිගේ වුවමනාවට

Ranil-Wickremesinghe-and-Maithripala-Sirisena-1

ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාවකට හෝ තමාගේ වුවමනාවකට නොවන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවකට බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ (23) දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවට එක්වෙමිනි.

පසුගිය දින 100 වැඩපිළිවෙළ සහ ජාතික ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

එය රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ අරමුණින් අමාරුවෙන් සකස් කළ වැඩපිළිවෙළක් බවද ඒ මහතා කියා සිටියේය.

එය දකුණු ආසියාවේ ප්‍රථම අත්හදා බැලීමේ වැඩක් බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.

පක්ෂයක් හදවාට වඩා රටත් හදන එක අසීරු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක් ස්ථාවරයක සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අනාගතේ දේශපාලනය පවා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන බවත්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මේ අතර ආණ්ඩුව යම් යම් පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර සමූහික තීණ්දු පොදු ක්‍රමවේදයක් අනුව තීරණය කරනු ලබන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ඇවන්ගාඩ් නඩු තීන්දුව පිළිබඳව යළි සලකා බැලීමක් සිදුකරන ලෙස නව අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.