විජයදාස රාජක්ෂ ගැන තීරණ ගන්න විශේෂ යෝජනාවක්

Wijaydasa
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස මහතාගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ යෝජනාවක් සම්මත කර ගෙන තිබේ. 
 
එ් අනුව විශේෂ කමිටුවක් පත් කර එ් මහතා අමාත්‍යධූරයේ සහ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන්  තිරණය ගැනීමට ඔවුන් තීරණය කර ඇත. 
 
පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් (17) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩපල සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ එ්කාබද්ධ හමුවේදී මෙම තීරණය ගෙන තිබේ. 
පසුගිය රාජපක්ෂ පාලන යුගයේ දූෂණ චෝදනා එල්ල වී ඇති මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් නඩු ප‍්‍රමාදවිම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත. 
 
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී . පෙරේරා මහතා විසින් නඩු ප‍්‍රමාදවිම සම්බන්ධයෙන් විජේදාස  රාජපක්ෂ මහතාට එහිදි සෘජුවම චෝදනා එල්ල කර ඇතිි අතර එ් සඳහා සරත් ෆොන්සේකා, නලීන් බණ්ඩාර, අශෝක් අබේසිංහ, රන්ජන් රාමනායක, හරින් ප‍්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරු දිගින් දිගටම විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබේ. 
එහිදි හිටපු වදේශ අමාත්‍ය රවීකරුණානායක මහතාද පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීිතිය කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. 
 
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් බහුතරයක්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව එහිදි අවධාරණය කර ඇත. 
 
මෙම හමුව සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේධාස රාජපක්ෂ මහතාද එක්ව සිට ඇති අතර එ් මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර  ඇත්තේ අදාල නඩු සම්බන්ධයෙන් තමන්ට බලපෑමක් සිදුකළ නොහැකි බවයි. 
 
එමෙන්ම හමුබන්තොට වරාය යළි පවරා ගන්නා බවට එ් මහතා සිදුකළ ප‍්‍ර‍්‍රකාශය සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ දැඩි විවේචනයට පත් ව තිබේ.  එහිදී එවැනි ප‍්‍රකාශයක් තමා විසින් සිදුකර නොමැති බවට අධීකරණ ඇමැතිවරයා අවධාරණය කර ඇත. 
 
කෙසේ වෙතත් එම ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන් එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇති අතර රජයේ ස්ථාවරයන්ට පටහැනිව ප‍්‍රකාශ සිදුකිරිම පිළීබඳවද දිගින් දිගටම අදහස් දක්වා තිබේ. 
එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් අනතුරුව අධීකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡුාවක් සිදුව ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.