යාපනයේදී පොලිසියේ දෙදෙනෙකුට තියුණු අවි ප්‍රහාර

jaffna-police-stationjpg
යාපනය – කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබේ.
යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් අද දහවල් 12.15ට පමණ තියුණු ආයුධවලින් පහරදී  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
රාජකාරියට යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම පහරකෑමට ලක්ව තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කෝපායි පොලීසියට අනුයුක්ත සේවය කරන  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් අයෙකු ද්‍රවිඩ ජාතිකයෙකු බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඔවුන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කෝපායි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.