මර්ධනය අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට සහ වෘත්තීය සමිතිවලට විතරද? – අ.වි.ශි.බ

Police
අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට හා වෘත්තීය සමිති සඳහා රජය විසින් මර්දනය කැදවීමට කටයුතු කළද, මීට වඩා දරුණු අපරාධ කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මකවීමට හා අනපනත් සම්මත වීම සිදුවීමට ප්‍රමාද වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සභික සනත් බණ්ඩාර මහතා පවසයි.
 
රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර සිසුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩල හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිරුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
 
එමෙන්ම යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මර්දනය හමුවේ වුවද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව අයිතීන් ඉල්ලා සටන් කිරීම නතර නොකරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
 
මේ අතර සිසුන් අත්අඩංගුවට ගැනීමෙන් ශිෂ්‍ය  ව්‍යාපාරය බිද දැමිය නොහැකි බව කලාකරුවන් පිරිසක් පවසයි.
 
බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ඔවුන් මේ බව කියා සිටියේය.
 
සමනලී ෆොන්සේකා, භූපති නලීන්, විදර්ශන කන්නන්ගර, මලිත් හැගොඩ, ජගත් මනෝහරන්, සුදත් මාධව ඇතුළු කලාකරුවන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.