රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ – රුවන් විජේවර්ධන

Ruwan W
රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
 
(23) දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
 
දීර්ඝ කාලීන පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් කොමදොරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට පත් වු අතර යම් වැරැද්දක් සිදු කර ඇති නම් එයට නීතියෙන් දඬුවම් ලැබීමට සිදුවන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
කෙසේ වෙතත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය ද කිසිවිටෙකත් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටන බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රණවිරුවන් දඬයම් කිරීම පසුගිය ආණ්ඩුව තුළින් සිදුවු දෙයක් බවයි.
 
එහි පළමු සිදුවීම වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සිදුවු තත්ත්වය පෙන්වා දිය හැකි බවත් පසුගිය රජයට සාපේකෂව අද වන විට රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි රජය ක්‍රියා කරන බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.